මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ගැනිම වඩා හොඳයි – ජමියතුල් උලමා සභාපති

සමස්ථ ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය සෑම තත්වයකදීම රටේ යහපත උදෙසා කටයුතු කර ඇති බවත්, යුධ සමයේදී පවා මුතූර් ඇතුළු සමහර ප්‍රදේශවල ආරක්ෂක අංශ වෙත තම සභාව හරහා ආරක්ෂක අමාත්‍යංශයට ලබා දුන් සහයෝගිතාවයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සෘජු සාක්ෂිකරුවෙකු බවත්, මුස්ලිම් විද්වතුන් සභාවේ සභාපති රිස්වි මුෆ්ති මහතා පවසා තිබේ.

පසුගිය 2014 වර්ෂයේ මුලධර්මවාදයේ බලපෑම් පිළිබඳව මුස්ලිම් විද්වතුන් සභාව අදාළ පාර්ශවයන් සමඟ තොරතුරු ලබා දී තිබියදීත්, ජනතාවගේ ජිවිත බේරා ගැනිමට නොහැකිවීම පිළිබඳව තමා කණගාටු වන බව ඔහු සාක්ෂි ලබා දුන්නේය.

තමා කොමිසන් සභාවේ ක්‍රියාකාරකම් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත්, ඔනෑම අවස්ථාවක සාක්ෂි ලබා දීමට සුදානම් බවත් ඔහු කොමිසන් සභාවේ සාමාජිකයන්ට සහතික වුණේය.

21/4 ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව පිළිබඳ පරීක්ෂණ කටයුතු ගෙන යන ජනාධිපති විමර්ශන කොමිසන් සභාව බන්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර මණ්ඩපයේ සාක්ෂිකරුවන් පිහිටා සිදු වෙමින් පවති.

මෙම සන්දර්භය තුළ පසුගිය පළමු වන දින රාත්‍රියේ සමස්ථ ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ සභාපති වන රිස්වි මුෆ්ති, ජ්‍යෙෂ්ඨ රජයේ නිතිඥයෙකු වන සුරෙෂ් හෙරත්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය. මෙහිදි මුස්ලිම් විද්වතුන් සභාවේ සභාපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිතිඥ ජාවිත් යුසුෆ් කොමිසමට පෙනී සිටියේය.

මේ අතර සමස්ථ ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් සාක්ෂි විමසීම හලාල් සහතික නිකුත් කිරිම පිළිබඳව සිට ආරම්භ කෙරිණි. නිතිඥ සුරෙෂ් හෙරත්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සභාපතිවරයා හලාල් යනු අනුමැති දෑ බවත්, හරාම් යනු වළක්වනු ලැබු දෑ බවත් කොමිසමට දීර්ඝ පැහැදිලි කිරිමක් ලබා දුන්නේය.

පසුගිය 2006 දෙසැම්බර් 13 දින නිකුත් කළ ගැසට් නිවේදනයක් ද ඔහු කොමිසමට භාර දුන්නේය. ඔහු තවදුරත් සඳහන් කළේ හලාල් සහතික නිකුත් කිරිමට ස ඉස්ලාමීය වියතුන්ගේ සංගමයට නිත්‍යානුකුල අවසර ලබා දී ඇති බවයි.

නිතිඥවරයා : ශ්‍රී ලංකාවට පළමු හලාල් සහතිකය නිකුත් කළේ කවදාද…?

සභාපතිවරයා : මම හිතන්නේ 2000 වර්ෂයේ සිට හලාල් සහතිකය නිකුත් කර තිබෙනවා. ඒ සහතිකය දුන්නේ ප්‍රීමා වලට. ප්‍රීමා සහ මැක්සිස් චිකන් මුලින්ම හලාල් සහතිකය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ ඉල්ලීම පරිදි මුල් සහතික ඒ සමාගම් දෙකට බෙදා දුන්නා.

මෙම සන්දර්භය තුළ ජ්‍යෙෂ්ඨ රජයේ නිතිඥවරයෙකු විසින් භාර දුන් සඟරාවක පළ කර ඇති ලිපිය ගැන අවධානය යොමු කළ සභාපතිවරයා (මරාගෙන මැරැන බොම්බ ප්‍රහාරය පිළිබඳව විද්වතෙකු වන යුසුෆ් අල් කර්ලාවිගේ ප්‍රකාශය) කිසිදු ආකාරයකින් ලංකාවේ සමාජය පරිසරයට උචිත නොවන බවත්, එම ලිපිය ප්‍රකාශයට පත් නොකළ යුතු බවත් පෙන්වා දුන්නේය.

මේ අතර පසුගිය 2006 යුධමය වාතාවරණයේ දී ඉස්ලාමීය වියතුන්ගේ සංගමය ආරක්ෂක හමුදාවට සහය වු බව තහවුරු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සාක්ෂියක් ලෙස පෙන්වා දුන්නේය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ මුතූර් ඇතුළු ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් කාන්තාවන් පවා සිය සහයෝගය ආරක්ෂක අංශ වෙත ලබා දුන් බවයි.

ශ්‍රී ලංකාවේ සමහර ඉස්ලාමීය සංවිධාන ගැන සවිස්තරාත්මකව පැහැදිලි කරමින් සභාපතිවරයා කියා සිටියේ මුස්ලිම් විද්වතුන්ගේ සභාවේ විධායක කමිටුවේ සිටින විද්වතුන් බොහෝ දෙනෙක් සූෆි මුලධර්මය පිළිපදින බවය.

කාදියානිවරුන්, කාන්තාකුඩියෙහි අබ්දුර් රහ්මාන් රවුෆ්ගේ කණ්ඩායම සහ ෂියාවරුන් හැර ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලු‍ම මුස්ලිම්වරුන් සුන්නත් වල් ජමාඅත් බව ඔහු සඳහන් කළේය. ඔවුන් සියල්ලන්ම මුස්ලිම් විද්වතුන්ගේ සභාව නියෝජනය කරන බව ඔහු පෙන්වා දුන්නේය.

එත් සමඟම සභාපතිවරයා සමස්ථ ලංකා වියතුන් සංගමයේ පෙත්සම කොමිසමට භාර දුන්නේය.

මින් පසුව වඩාත් හැඟීම් බරව සාක්ෂි ලබා දුන් සභාපතිවරයා කියා සිටියේ, 2014 සිට අදාළ පාර්ශවයන් සමඟ අවශ්‍ය තොරතුරු ලබා දී තිබියදීත්, ප්‍රහාරය වැළැක්වීමට සහ ජනතාවගේ ජිවිතය බේරා ගැනිමට නොහැකි වීම පිළිබඳව තමන් දැඩි කණගාටුවට ද පත් වන බවය.

2013 වර්ෂයේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ගලධාරි හෝටලයේ දී රටවල් 33ක නියෝජිතයින් ඉදිරියේ කළ දේශනය සභාපතිවරයා මෙහිදි සිහිපත් කළ අතර, එහි සඳහන් කළ ආරක්ෂක ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරිමේ දී 2015 වර්ෂයෙන් පසු පසුබෑමක් ඇති වු බව සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් මද්රසා පැසැල් පිළිබඳ අදහස් දක්වමින් පැහැදිලි කළ සභාපතිවරයා එය අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය පථය යටතේ ගෙන ඒම සහ විධිමත් ලෙස අධික්ෂණය කිරිම වැදගත් ක්‍රියාමාර්ගයක් බව අවධාරණය කළේය.

මුස්ලිම් ආගමික සංස්කෘතික දෙපාර්තමේන්තුව කෙරෙහි තමන්ගේ අතෘප්තිය ප්‍රකාශ කළ ඔහු එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය දේශපාලනීකරණය වුවක් ලෙස සඳහන් කළේය.

සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම තත්වය තුළ සෑම ආගමක් සඳහාම වෙන වෙනම අමාත්‍යංශයක් ඇති නොකර සියල්ලක්ම එකම වහළක් යටතට ගැනිම වඩා යහපත් බවත්, වෙනත් ආගම් සමඟ එක්ව කටයුතු කිරිමට තමන් අපේක්ෂා කරන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *