නැගෙනහිර ඉඩම් ප්‍රශ්නයට නඩු 50 ක් ගොනු කරනවා – සුමන්දිරන්

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්, ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්, ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

රජය මගින් නැගෙනහිර පළාතේ ඉඩම් සම්බන්ධව නොයෙකුත් බලපෑම් එල්ල කරමින් සිටිනවා. එබැවින් ඉඩම් ප්‍රශ්නය දැන් විශාල ගැටලුවක් වී තිබේ. එබැවින් ඒවාට විරුද්ධව නඩු 50 ක් පමණ ගොනු කිරීමට සිටින්නෙමු යනුවෙන්, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සුමන්දිරන් මහතා කරදූවහි කළ සංචාරයක් අතරතුර මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් ඔහු අදහස් දක්වමින්,

“රජය නැගෙනහිර පළාතේ ඉඩම් සම්බන්ධව නොයෙකුත් බලපෑම් එල්ල කරමින් සිටිනවා. මෙම අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ක්‍රියා කිරීම අප කාගේත් වගකීමයි. මුස්ලිම් ජනතාවගේ ඉඩම් ප්‍රශ්නයකට මම පොතුවිල් යනවා. එහේ මේවගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ හා සමානව, ත්‍රිකුණාමලය තිරියාය ඉඩම් ප්‍රශ්නය, මඩකලපුව දේශසීමා ඉඩම් ප්‍රශ්නය වැනි ගැටළු රාශියක් තියෙනවා. පුරාවිද්‍යා වන සංරක්ෂණය ලෙස බොහෝ අය මේ සඳහා සම්බන්ධ වී සිටිනවා.”

කලින් හමුදාව උතුරේ දෙමළ ඉඩම් අත්පත් කර ගත් බවත් ඊට එරෙහිව නඩු බොහෝමයක් විසඳූ බවත් ඒ හා සමානව අද අවම වශයෙන් නැගෙනහිරින් ද නඩු 50 ත් 100 ත් අතර ප්‍රමාණයක් ගොනු කළ යුතුව තිබෙන බවත් පැවසීය.

විශේෂයෙන් නැගෙනහිර පමණක් නිර්මාණය කරන ලද පුරාවිද්‍යා බලකාය ගැන ප්‍රශ්න කරන්නෙමු. ත්‍රිකුණාමලයේ පුරාවිද්‍යා බලකායේ බලපෑම වැඩිය. විශේෂයෙන් කුච්චවේලි ප්‍රදේශයේ පමණක් ස්ථාන 36 ක උපරිම වශයෙන් ඉඩම් ගැටළු තිබේ.

මඩකලපුව දේශසීමා ප්‍රශ්නය මහවැලි අධිකාරිය හා සම්බන්ධයි. එයටත් ආණ්ඩුකාරවරයාටත් සම්බන්ධයක් නැත. එබැවින් මහවැලි අධිකාරියට විරුද්ධවද නඩු ගොනු පවරන්නෙමු.
දෙමළ ජනතාවට නීත්‍යානුකූලව සාධාරණ වන ඕනෑම දෙයක් සමථයකට පත් කිරීමට යන රජයේ නිලධාරීන්ට එරෙහිව මෙම රජය පියවර ගැනීම අපි බලා නොසිටින්නෙමු. අප මඩකලපුව ආණ්ඩුකාරවරයා හෙළා දකින්නෙමු. අපි හැකි ඉක්මනින්ම ඒ සඳහා පියවර ගන්නෙමු.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් දැක්වූ ඔහු,

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට ඉඩ දෙන්නේ නම්, මේ රටේ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටී යයි. එනම් එය ඒකාධිපතිත්වයේ බීජ වැපිරීමයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වන්නෙමු. අපි දැනටමත් එයින් එක් අංගයක් ජයගෙන ඇත්තෙමු. ජනාධිපතිවරයාට නීතියේ නිදහසක් නැත. ඔහුට එරෙහිව නඩු පැවරිය හැකිය. වසර දෙකහමාරක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය.

ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමේ ස්වාධීනත්වයක් නැත. ඔහුට එය කළ හැකිය. එහෙත් කලින් සඳහන් කළ පරිදි, ජනාධිපතිවරයාගේ සියලු ක්‍රියාකාරකම් අභියෝග කළ හැකි නීතිය යටතේ ස්වාධීන කොමිසමක් ඇති කිරීම ද අභියෝගයට ලක් කළ හැකිය. නුසුදුසු පත්වීම්වලට ද අපට විරුද්ධ විය හැකිය.

– තිනක්කුරල්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *