සුපිරි සන්නායකය වැදගත් කඩඉමක් පසුකරයි – ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ඇතුළු කණ්ඩායමක වික්‍රමයක්

භෞතික විද්‍යාවේ සුපිරි සන්නායකයක් ලෙස හැඳින්වෙන්නේ ප්‍රතිරෝධයක් රහිතව විදුලිය රැගෙන යා හැකි වස්තූන් වලටයි. ප්‍රථම වරට සුපිරි සන්නායකයක් සොයා ගැනුණේ 1955 වසරේදී ය. නියෝබියම් නැමැති සන්නායකය සෙල්සියස් අංශක ඍණ 269 උෂ්ණත්වයේ දී, චුම්භක ක්ෂේත්‍රයක් තුළ ප්‍රතිරෝධයක් රහිතව විදුලිය රැගෙන යන බවට අනාවරණය කෙරුණි.

ඉන්පසු ඊට වඩා ඉහළ උෂ්ණත්වයන් වල දී සුපිරි සන්නායකයක් ලෙස හැසිරෙන ද්‍රව්‍යයන් සොයාගැනීමට විද්‍යාඥයන් පෙළ ගැසුණි. එම පර්යේෂණ මාලාවේ, කාමර උෂ්ණත්වයේ සූපිරි සන්නායක ගුණයන් පෙන්වන ද්‍රව්‍යයන් සොයාගැනීම සුපිරි කඩඉමක් ලෙස සැලකුණි.

භෞතික විද්‍යාඥ රංග ඩයස් ඇතුළු කණ්ඩායමක් නිව්යෝර්ක් නගරයේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ කළ නවතම පර්යේෂණ වලට අනුව සෙල්සියස් අංශක 14.5ක් වැනි ඉහළ උෂ්ණත්වයකදී සුපිරි සන්නායක ගුණයන් පෙන්නුම් කරන ද්‍රව්‍යයක් සොයාගෙන ඇත. කාබන් හයිඩ්‍රජන් සහ සල්ෆර් ඉතා අධික පීඩන තත්වයන් තුලදී දියමන්ති තුඩක් මත ප්‍රතික්‍රියා කරවීම හරහා නිෂ්පාදනය කර ඇති මෙම ද්‍රව්‍යය බිඳී නොයා පවතින්නේ ඉතා අධික පීඩන තත්වයන් තුළ පමණි. එහෙයින් එදිනෙදා ජීවිත අවශ්‍යතාවයන් වලට මෙය පාවිච්චි කළ නොහැකි වුවත්, අනාගතයේ අඩු පීඩන තත්වයන් තුලදී ද පවත්වාගත හැකියි සුපිරි සන්නායක ද්‍රව්‍යයන් සොයාගැනීමට බලාපොරොත්තු විය හැක.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *