ලංකාවේ මුස්ලිම් නීතිවෙදියෙකු මාස 6ක් කිසිදු චෝදනාවකින් තොරව සිරගත කළේ ඇයි? – අල් ජසීරා

දින 500කට පසුවත් යුක්තිය අහිමි නීතීඥ හිජාස් : නීතීඥවරයෙකුගේ ඉරණම මෙය නම්, සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද?

දින 500කට පසුවත් යුක්තිය අහිමි නීතීඥ හිජාස් : නීතීඥවරයෙකුගේ ඉරණම මෙය නම්, සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගනු ලැබුවේ ‘විශ්වාසදායක සාක්ෂි නොමැතිව’ බව අයිතිවාසිකම් පිළිබඳ කන්ඩායම් චෝදනා කරති .

ජිනීවා හි පිහිටි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම, යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලික කණ්ඩායම්, හිස්බුල්ලා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව සිය කනස්සල්ල පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිවෙදියෙකු අඛණ්ඩව සිරගත කිරීම පිළිබඳව අයිතිවාසිකම් කන්ඩායම් සහ සිවිල් සමාජයේ සාමාජිකයන් කනස්සල්ලට පත්ව ඇති අතර, ඔහු දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම “සාමකාමී විසම්මුතියකට සහ අවවාදයට සම්බන්ධ ඕනෑම කෙනෙකුට දැඩි බලපෑමක් ඇති කළේය” යනුවෙන් පැවසති.

ප්‍රමුඛ මානව හිමිකම් නීතිවෙදියෙකු වන හිජාස් හිස්බුල්ලා අපේ‍්‍රල් මාසයේ දී “ත‍්‍රස්තවාදී” චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති අතර, කිසිදු චෝදනාවකින් තොරව රැඳවුම් භාරයේ පසුවන අතර, ඔහුට නිසි ක‍්‍රියාවලියෙහි අයිතිවාසිකම් අහිමි වී ඇති බව අයිතිවාසිකම් කන්ඩායම් පවසති.

ශ්‍රී ලංකා බලධාරීන් කියා සිටියේ, 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයේ වැරදිකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම සඳහා ඔහු රඳවාගෙන ඇති බවයි.(එම ප්‍රහාරයෙන් 250 කට වැඩි පිරිසක් මිය ගොස් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ ; 2009 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු ඉන්දීය සාගර දූපත් ජාතියේ දරුණුතම ප්‍රහාරය වේ).

හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියාවේ අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි පැවසුවේ, හිස්බුල්ලාට එරෙහිව පොලීසිය කිසිදු විශ්වාසදායක සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවත්, සිරගෙවල් ජනගහනය අඩු කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ විශේෂත්‍යයින්ගේ ඉල්ලීම් නොතකා ඔහුට නියමිත ක්‍රියාදාමයේ අයිතිවාසිකම් අහිමි කර අත්අඩංගුවේ තබා ඇති බවත් ය.

අල් ජසීරාවේ අදහස් දැක්වීම සඳහා ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක ප්‍රතිචාර නොදැක්වීය.

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ථාධිකරණයේ නීතිවෙදියෙකු වන හිස්බුල්ලා අත්අඩංගුවට ගනු ලැබුවේ මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ ය. එයින් සැකකරුවන් කිසිදු චෝදනාවකින් තොරව රඳවා තබා ගැනීමට හෝ විනිසුරුවරයෙකු ඉදිරියේ පෙනී සිටුවීමට රජයට ඉඩ සලසයි.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට අඛණ්ඩව සහයෝගය දැක්වීමට අවශ්‍ය නැති බව ගෝඨාභය රාජපක්ෂ පරිපාලනය ප්‍රකාශ කර ඇතත්, බලයේ සිටිය හැකි පක්ෂය කුමක් වුවත්, PTA අවලංගු කිරීම ඇතුළු පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටී යනුවෙන් ගංගුලි තවදුරටත් පැවසීය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයෙකු දින 90 ක් රඳවා තබා ගත හැකි අතර, තවත් දින 90 ක් සඳහා මාස 18 ක් දක්වා සිරගත කිරීමේ කාලය අළුත් කිරීමේ විකල්පය ද ඇත.

නිව්යෝර්ක්හි පිහිටි HRW විසින් PTA “කුරිරු” නීතියක් ලෙස නම් කර ඇති අතර, මීට පෙර මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් 2015 ශ්‍රී ලංකා රජය විසින් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවකට යටත්ව එය අවලංගු කිරීමට පොරොන්දු විය.

බෞද්ධ දැඩි මතධාරියෙකු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බරයේ බලයට පත්වූ දා සිට මාරාන්තික බෝම්බ පිපිරීම්වලින් පසු දිවයිනේ ආරක්ෂාව වැඩි කරන බවට දුන් පොරොන්දුව මත, විසම්මුතිය සඳහා ඉඩකඩ හැකිලීම පිළිබඳව අයිතිවාසිකම් කන්ඩායම් තම කනස්සල්ල පළ කර තිබේ.

අගෝස්තු මාසයේ දී, රජයේ ප්‍රතිපත්තියට අභියෝග කරන මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිවේදීන් සහ වෙනත් අයට එරෙහිව ජනාධිපති ගෝඨාභය රජය බිය ගැන්වීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව මානව හිමිකම් කවුන්සිලය පවසයි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියාවේ පර්යේෂක ත්‍යාගි රුවන්පතිරන් පවසන පරිදි, හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම “නීතිවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් හෝ සුළුතර මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් වේවා, සාමකාමී විසම්මුතියකට සහ අවවාදයට සම්බන්ධ ඕනෑම කෙනෙකුට එය ප්‍රබල බලපෑමක් ඇති කළේය”.

“ඔබේ වෘත්තීය කටයුතු සඳහා ඉලක්ක කර ගැනීමේ සැබෑ බියක් පවතින අතර එහිදී ඔබට රජයෙන් පළිගැනීම් සිදුවිය හැකිය” යනුවෙන් ඇය අල් ජසීරාවට පැවසුවාය.

ජිනීවා හි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම, යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලික කණ්ඩායම ද හිස්බුල්ලා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර තිබේ.

කොළඹ අගනුවර පිහිටි ප්‍රාදේශීය මහේස්ත්‍රාත් අධිකරණයක ඔහුගේ නඩුව ඔක්තෝබර් 28 වන දින නැවත විභාගයට ගැනෙන නමුත් ක්‍රියාකාරීන් පවසන්නේ ඇප ලබා ගැනීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

‘පිරිසිදු පිරිසැකසුම’

හිස්බුල්ලාට එරෙහිව නගා ඇති චෝදනා කිහිපය අතර, ව්‍යාපාරික හිමිකරුවෙකු වන යූසුෆ් මොහොමඩ් ඉබ්‍රාහිම් සමඟ ඇති ඔහුගේ සම්බන්ධතාවය, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වැරදිකරුවන් හත් දෙනාගෙන් දෙදෙනෙකු වන ඉන්ෂාෆ් සහ ඉල්හාම් ය. එමෙන්ම හිස්බුල්ලා ඉබ්‍රාහිම්ගේ නීතිඥවරයා විය.

හිස්බුල්ලා සහ ඉබ්‍රාහිම් ද අඩු වරප්‍රසාද ලත් දරුවන් සමඟ කටයුතු කරන “සේව් ද පර්ල්” පුණ්‍යායතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කළහ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි වාර්තාවක් සඳහන් කරන්නේ ඉල්හාම් 2016 දී කෙටි කළක් මණ්ඩලයේ සේවය කළේය. මානව හිමිකම් කන්ඩායමට අනුව, හිස්බුල්ලා රඳවා තබා ගැනීම සඳහා ඉබ්‍රාහිම් සහ සේව් ද පර්ල් සමඟ මෙම සම්බන්ධතා යොදා ගැනුණි.

“පාස්කු ඉරිදා බෝම්බකරුවන්ට‘ ආධාර කිරීම සහ අනුබල දීම ’සහ“ ප්‍රජාවන් අතර ආගමික සමගියට අහිතකර ”යැයි සැලකෙන ක්‍රියාකාරකම්වල යෙදීම සම්බන්ධයෙන් හිජාස් හිස්බුල්ලා විමර්ශනය කරන බව රැඳවුම් නියෝගයේ සඳහන් වේ.

හිස්බුල්ලාට එරෙහි තවත් චෝදනාවක් නම්, ඔහු වක්‍රව, “සේව් ද පර්ල්” විසින් අරමුදල් සපයන පාසලක් හරහා, වයස අවුරුදු 8-13 අතර ළමයින්ට “අන්තවාදී” අදහස් සහ සිතුවිලි පෝෂණය කළ බව, නඩුවට සමීප නීතිවෙදීයෙකු අල් ජසීරාවට පැවසීය. පුත්තලම් දිස්ත්‍රික්කයේ අල්-සුහ්රියා අරාබි විද්‍යාලයේ ළමුන් අප්‍රේල් මාසයේදී දින කිහිපයක් පොලීසිය විසින් ප්‍රශ්න කරනු ලැබූ අතර, එම අවස්ථාවේදී හිස්බුල්ලා “ත්‍රස්තවාදී” පුහුණුවක් ලබා දුන් බවට කිවීමට ඔවුන්ට තර්ජනය කොට බල කෙරුනි.

මෙම නඩුවේ රහසිගතව සිටින නීතිඥවරයා කියා සිටියේ හිස්බුල්ලාට එරෙහි චෝදනා “පිරිසිදු ගොතන ලද ක්‍රියාවක්” ලෙස ළමයින් විස්තර කළ බවයි.

ප්‍රශ්න කරන ලද ළමයින් “ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම” සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇති බව ද මාධ්‍ය මගින් අනාවරණය විය.

‘සැබෑ බිය’

නිකායික හා ජනවාර්ගික බෙදීම්වලින් පිරි දිවයිනේ ඉස්ලාම් භීතිකාව මධ්‍යයේ හිස්බුල්ලාගේ අන්තර් ආගමික සබඳතා සහ සංහිඳියාව පිළිබඳ ඔහුගේ වැඩ කටයුතු මෙයට හේතුවූ බව විචාරකයින් පවසයි.

යංග් ඒෂියා ටෙලිවිෂන් හි ප්‍රධාන විධායක නිලධාරි හිල්මි අහමඩ් කොළඹ සිට අල් ජසීරාවට පැවසුවේ “හිස්බුල්ලා “අන්තවාදී බෞද්ධයන් විසින් වේදිකාගතව කළමනාකරණය කරන ලද වෛරී ව්‍යාපාරයේ ගොදුරක්” බවයි.

“හිජාස් හිස්බුල්ලා යනු අවිහිංසාවාදී හා අතිශයින්ම සාරධර්ම මත පදනම් වූ පුද්ගලයෙකි. ඔහු කිසි විටෙකත් ප්‍රචණ්ඩත්වය හැර කිසිදු ආකාරයක අන්තවාදයක් ප්‍රවර්ධනය නොකරනු ඇත.” අහමඩ් කියා සිටියේ විත්තිකරු වසර 20 කට වැඩි කාලයක් තිස්සේ තමා දැන සිටි බවයි.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව, මුස්ලිම් විරෝධී හැඟීම් ඉහළ මට්ටමක පවතින අතර, අයිතිවාසිකම් කන්ඩායම් බෞද්ධ ජාතිකවාදීන්ට “වෛරී කථාව” සහ මුස්ලිම්වරුන්ට එරෙහි “මැර ප්‍රචණ්ඩත්වය” ගැන දොස් පවරති.

වසර 30 කට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධයක් අවසන් කරමින් ශ්‍රී ලංකා හමුදා දෙමළ බෙදුම්වාදීන් පරාජය කළ 2009 සිට මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර පිටුපස බෞද්ධ අන්ත දක්ෂිනාංශික කණ්ඩායමක් වන බොදු බාල සේනා (BBS) වැනි කණ්ඩායම්වලට චෝදනා එල්ල වී තිබේ.

බොදුබල සේනා සංවිධානය මීට පෙර හලාල් විරෝධී ව්‍යාපාරයක් සාර්ථකව පවත්වා ගෙන ගොස් ඇති අතර බුර්කාව තහනම් කරන ලෙස ඉල්ලා සිටියේය.

ජනගහනයෙන් සියයට 10 ක් පමණ සිටින මුස්ලිම්වරු පවසන්නේ රාජපක්ෂ සහෝදරයන් විසින් මෙහෙයවනු ලබන වත්මන් පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පක්ෂයට බලපෑම් කරන දැඩි බෞද්ධ කණ්ඩායම්වල වෙනස්කම් කිරීම් හා වෛරී කථාවන්ට තමන් මුහුණ දී ඇති බවයි.

සාම්ප්‍රදායික ඉස්ලාමීය අවමංගල්‍යය ප්‍රතික්ෂේප කිරීම නිසා මේ වසර මුලදී, COVID-19 මියගිය මුස්ලිම්වරුන් ආදාහනය කිරීමට රජය ගත් තීරණය ප්‍රජාව තුළ දැඩි වේදනාවක් ඇති කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට පටහැනි බවත්, ලොව පුරා මිලියනයකට අධික ජනතාවක් ඝාතනය කළ වෛරසය පැතිරීම සම්බන්ධයෙන් දොස් පැවරූ මුස්ලිම්වරුන්ට හිරිහැර කිරීම සඳහා මෙය සිදු කළ බවත් මුස්ලිම් පවුල් පවසයි.

මූලාශ්‍රය: අල් ජසීරා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *