(Video) 20 ගැන පූජ්‍ය බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ හිමිවරුන්ගෙන් ජනපතිට දැඩි ලියුමක්

0 ගැන පූජ්‍ය බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ හිමිවරුන්ගෙන් ජනපතිට දැඩි ලියුමක්
20 වන සංශෝධනයට එරෙහිව කරුණු දක්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇත.
මෙම සංශෝධනය හරහා ව්‍යවස්ථාදායකය හා අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි හැසිරවිය හැකි ජනාධිපතිවරයකු බිහි වන බව එම ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.
එමෙන්ම මේ හරහා නීතියේ පාලනයක් නොමැති තත්ත්වයක් මතුවිය හැකි බවද එම ලිපිය මගින් උන්වහන්සේලා පෙන්වා දී තිබේ.