CSN බොරු නඩුවක්ලු , යෝෂිත රාජපක්ෂ සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

යෝෂිත රාජපක්ෂ - CSN නඩුව

යෝෂිත රාජපක්ෂ - CSN නඩුව

මෛත්‍රී යුගයක්, යහපාලන රජයක් තේමා කරගත් පසුගිය ආණ්ඩුව ප්‍රතිවාදී දේශපාලනඥයින්ගෙන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද දේශපාලන පළිගැනීම්වලට ලක් කළ බව යෝෂිත රාජපක්ෂ මහතා දේශපාලන පළිගැනීම් විමර්ශන ජනපති කොමිසමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත.

තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා වීම හේතුවෙන් බොරු චෝදනා නඟමින් පසුගිය වසර 5 පුරාවටම පළිගැනීම් කළ බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පෙරේදා (14) දින පුරා පැය දෙකකට ආසන්න කාලයක් පොලිසිය හමුවේ කටඋත්තරයක් ලබාදෙමින් යෝෂිත නිලධාරියා සඳහන් කර ඇත්තේ හමුදා නිලධාරියකු ලෙස තමන් කළ සේවය ගැන හෝ නොසළකා දේශපාලන පළිගැනීමට ලක්වූ බවය.

(CSN) කාල්ටන් ස්පෝට් නෙට්වර්ක් ආයතනය ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා හා රජයේ දේපළ භාවිතා කර ඇති බවට බොරු චෝදනා නඟමින් දින 45 ක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් මෙම පළිගැනීම වූ බව රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

සී. එස්. එන්. ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු කොටස්කරුවකු නොවන පසුබිමක් තුළ යහපාලන රජය පිහිටවූ දූෂණ විරෝධී කමිටුව මඟින් පැමිණිල්ලක් කර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා මෙම නීතිවිරෝධී ක්‍රියාව දියත් කළ බවට ද යෝෂිත රාජපක්ෂ සඳහන් කළේය.

මෙම සී. එස්. එන්. සිද්ධිය යහපාලන රජයේ දේශපාලන පළිගැනීම්වලින් කොටසක් පමණක් බවත් මෙම කරුණු සම්බන්ධයෙන් සාධාරණ යුක්ති සහගත විමර්ශනයක් ජනපති කොමිසමෙන් අපේක්ෂා කරන බවත් සඳහන් කර ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා මීට පෙර දිනකදී කොමිසමට කළ පැමිණිල්ලක් ප්‍රකාරව පෙරේදා දින විශේෂ පොලිස් ඒකකයට කටඋත්තර ලබා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *