කුඩු කුමාරිගේ රුපියල් කෝටි 4ක මන්දිරය තහනම් කරයි

0
කුඩු කුමාරිගේ රුපියල් කෝටි 4ක මන්දිරය තහනම් කරයි

කුඩු කුමාරිගේ රුපියල් කෝටි 4ක මන්දිරය තහනම් කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින නිලන්ති පෙරේරා හෙවත් ‘කුඩු කුමාරි’ නමැති කාන්තාවට අයත් ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 4ක් පමණ වටිනා සුඛෝපභෝගී නිවසක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද දින (17) තහනමට ලක් කර තිබේ.

නීති විරෝධී වත්කම් උපයාගැනීමේ චෝදනා යටතේ සිදුකළ විමර්ශනයකට අනුව මෙම තහනම් කිරීම සිදුකර ඇත.

කෙසේ වෙතත්, මෙම නිවස නිල වශයෙන් තහනමට ලක් කර සීල් තැබීමට පෙර, කිසියම් පිරිසක් විසින් එහි සවිකර තිබූ වටිනා දොර ජනෙල් ඇතුළු උපකරණ තොගයක් ගලවාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

විමර්ශන ආරම්භ කිරීමත් සමඟ මෙම සොරකම සිදුව ඇති අතර, නිවසේ දේපළවලට හානි කරමින් දොර ජනෙල් ගලවාගෙන ගිය පිරිස් කවුරුන්ද යන්න අනාවරණය කරගැනීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com