මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය විමර්ශන කරන්න ගම්පොළ ගිය යුද හමුදා කණ්ඩායමක් පොලීසිය පලවා හැරලා

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය විමර්ශන කරන්න ගම්පොළ ගිය යුද හමුදා කණ්ඩායමක් පොලීසිය පලවා හැරලා

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය විමර්ශන කරන්න ගම්පොළ ගිය යුද හමුදා කණ්ඩායමක් පොලීසිය පලවා හැරලා

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට යුද හමුදා කණ්ඩායමක් ගම්පොළ පොලීසියට ගිය බවත්, එහි සිටි පොලිස් කණ්ඩායම යුද හමුදා කණ්ඩායම පලවා හැරීමක් කළ බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මේ මස 7 වන දින පාස්කු කොමිසම හමුවේ කියා සිටියේය.

යුද හමුදාව සතුව විශාල බුද්ධි ජාලයක් තිබුණා. අප දෙන තොරතුරු රාජ්‍ය බුද්ධි අංශ ලබා ගත්තත් සිදු කරන පරීක්ෂණ සඳහා අපේ සහාය ගත්තේ නැහැ. අප අපේ තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියාට පොලිස්පතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට යොමු කළා. ජාතික බුද්ධි ප්‍රධානියා තමයි මේ සියල්ල සම්බන්ධීකරණය කරන්නේ. ඔහුට බලතල තිබුණා ද කියන සැකය තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි අංශය අප සමඟ සම්බන්ධ වුණේ නැහැ.

පාස්කු ප්‍රහාරයට වසරකට පමණ පෙර රැස්වීම්වලදී සහරාන් අත්අඩංගුවට ගන්න කිව්වා. වාර්තා සිය ගණන් යොමු කළා. කිසිවක් සිදු වුයේ නැහැ. අපට අත්අඩංගුවට ගන්න බලය නැහැ. බලය තිබෙන ආයතන නිසි ලෙස ක්‍රියාත්මකවුණේ නෑ.

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, පූජිත් ජයසුන්දර , අපරාධ පරීක්ෂර්තමේන්තුවේ, රාජ්‍ය බුද්ධි සේවයේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරුන් වන රවී සෙනෙවිරත්න, නාලක සිල්වා, වරුණ ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් පුමුඛත්වයක් ලබා නොදුන් නිසා ප්‍රහාරය සිදු වූ බව තමා විශ්වාස කරන බවද ඒ මහතා කියා සිටියේය.

රජයේ අධිනීතිඥවරයකු ස්කයිප් තාක්ෂණය ඔස්සේ යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *