කොරෝනා ආසාදන තත්වය භාවිතා කරමින් දැවැන්ත දූෂණ වංචාවක් !

විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

රටේ දැනට පවතින කොරෝනා ආසාදන තත්වය උපයෝගී කරමින් රට තුළ දැවැන්ත දූෂණ වංචාවක් සිදුවෙමින් පවතින බව විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා, පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් මතුකරන අවස්ථාවකදී මේ බව පවසා ඇත.

රටේ දැනට මතුව ඇති වර්තමාන තත්වය තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සියලූම කර්මාන්ත ශාලාවලට ලිපියක් යොමු කරමින් කර්මාන්ත ශාලාවේ සිටින සේවකයින්ගෙන් සතියකට 5% ක් දක්වා PCR පරීක්ෂණ සිදු කළ යුතු බව දන්වා ඇත. ඒ සඳහා එම ලිපියේ පෞද්ගලික රෝහල් 4 ක නම් ද නිර්දේශ කර ඇත.

රටේ කර්මාන්තශාලාවල සේවකයින් ලක්ෂ 10ක් පමණ සේවය කරයි. ඒ අනුව සතියකට පරීක්ෂණ පනස් දාහක් සිදුකළ යුතුයි. ලංකාවේ එතරම් පරීක්ෂණ ගණනක් සිදු කිරීම සඳහා උපකරණ තිබේද? යන ප්‍රශ්නය මතුවේ. එමෙන්ම එයට රජය සහයෝගය නොදී පෞද්ගලික රෝහල්වලට ඒවා ලබා දී ඇත.

ඒ අනුව එක් පරීක්ෂණයකට හයදහස් පන්සීයයක් බැගින් සතියකට රුපියල් මිලියන 325 ක් වියදම් කිරීමට සිදුවී ඇති බව වැඩිදුරටත් පවසා සිටියේය. මෙම පරීක්ෂණ සඳහා උපකරණ ගෙන ඒමට පියවර ගෙන තිබෙන බවත් එය ලාභදායී ව්‍යාපාරයක් විය හැකි බවත් ඔහු පැවසීය.

JVPNEWS.com

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *