(Video) “මාව නිහඩ කරවීම නොවේ කොරෝනාවට උත්තරේ” – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

63000ක් ස්වයං නිරෝධායනයේ – ඔවුන්ගෙන් 30%ක් ආසාදිතයින් විය හැකියි – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

63000ක් ස්වයං නිරෝධායනයේ – ඔවුන්ගෙන් 30%ක් ආසාදිතයින් විය හැකියි – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පලකළ අදහස් කීපයකී මේ.

“මගෙන් අද දවසේ වයිරස් එක බෝ වෙන්නනම් මගේ ඇඟෙ වයිරස් එක සතියක් තියෙන්නට ඕනේ. අපි කියමු සති දෙකක් කියලා. මිනුවන්ගොඩ කොරොනා රෝගි කාන්තාව 3/4 වැනිදා වාර්තා වුණා නම්. ඒකට සතියකට කලින් රෝගය වැළදී සිටිය යුතුයි. ඇය ඉස්පිරිතාලේ සිටිය සතිය තුල ඇයගේ ඇඟෙ වයිරසය තිබිලා. එසේ නම් ඒ වෙනවිටත් ඉස්පිරිතාලේ කට්ටියට රෝගය පතුරවලා. එහෙනම් ඊටත් සතියකට කලින් ඔය කාන්තාවට ඒක වැළදිලා තිබිය යුතුයි. අපි හිතමු ගිය මාසේ 15වන විට ඹ්ක වැළදීලා ඇති කියලා. නැත්තම් 20 කියමු. ඇයට වැළදිලා ඇත්තෙත් තව කෙනෙකුගෙන්, ඒ පුද්ගලයා ඒ ගැහැණු කෙනාට දෙන්න සතියකට කලින් වයිරසය වැළඳිලා ඉන්න ඕනේ. එතකොට ඒ පුද්ගලයා ඔබ නම් ඔයාට ඒ වයිරසය ගිය මාසේ පලවෙනිදාට වයිරසය වැළඳිලා තිබෙන්න ඕනෑ. ඔබට දුන්නු කෙනාට සති දෙකකට කලියෙන් එය වැළඳිලා තිබිය යුතුය. එහෙම නැතුව ඒ කාන්තාවට හිටි හැටියේ අභ්‍යවකාශයෙන් ඇවිත් වැළඳුනේ නෑ”.

“මිනිස්සු තේරුම් ගන්න ඕනේ. ලෝකයටම පාලනය කරන්න බැරි වෙච්ච කොරොනා අපිට මැජික් විදිහට පාලනය කරන්න විදිහක් නෑ. එ හින්දා අපි හැම තප්පරයන්ම කොරොනාවලින් ආරක්ෂා වෙන්න වැඩ කරන්න ඕනේ”.

“මේක තව මාසයකින් ඉවර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි”.
” ඇති වෙන්න ඔය කියන පරීක්ෂණ පහසුකම් ඇති කරලා තියෙනවද කියල අපි විමසා බැලිය යුතුය. සියයට 18ක වැඩි හිටි ජනතාව දැඩි සත්කාර ඒකක වල දාන්න වුණොත් එ සදහා ඇති වෙන්න ඇදන් තිබෙනවාද? ඒ සදහා emergency critical team හදල තියෙනවද? ඒ සදහා ඇති වෙන්න පරීක්ෂණ කට්ටල තියෙනවා ද? ඒ සදහා අපි ඇති වෙන්න සුදානම් ද? මේවා නැවත සිතා බැලිය යුතුයි. මේක කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය”.

මේ පිළිබඳ සම්පුර්ණ සාකච්ඡාව පහලින් නරඹන්න.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *