ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර මතභේද

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර මතභේද

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර මතභේද

චීනය සහ ශ්‍රී ලාංකාව අතර සබඳතා සම්බන්ධයෙන් ලාංකීය පුවත්පතකට ඇමරිකානු තානාපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීනය තම මවිතය පළකොට ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ඩෙබ්ලිට්ස් මහත්මිය, චීනය සමඟ ශ්‍රී ලංකාව හවුල්කාරිත්වයට විනිවිද භාවයෙන් යුක්තව හා ප්‍රයෝජනවත් නම් එයට සහාය දෙන බවත්, එමෙන්ම ශ්‍රී ලංකා රජය විදේශිකයන් සමඟ සබඳතා පවත්වා ගැනීමේදී නොසැලකිලිමත් නොවිය යුතු බවද ඇය ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවට චීනය ලබා දී ඇති ණය පිළිබඳව විවේචනාත්මකව අදහස් දක්වමින් තානාපතිවරිය කියා සිටියේ, වැඩසටහන් වලට අනුකූලව පොදු තරඟකාරිත්වයක් තිබේ නම්, ගෙවීම් පහත වැටී යන අතරම එම වැඩසටහන්වල තත්වයද ඉහළ මට්ටමක පවතින බවයි.

ඇමරිකා එක්සත් ජනපද තානාපති එම සම්මුඛ සාකච්ඡාවේදී තව දුරටත් කියා සිටියේ සේද මාවත වැඩසටහන යටතේ චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ඒකාධිපති බවක් ඇතැයි තමන් නිරීක්ෂණය කළ බවයි. එමගින් එම වැඩසටහන චීනයට පමණක් ලබා දෙන තත්වයක් නිර්මාණය කර ඇති බව ඇමරිකාවේ මතයයි.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ලෙස හඳුන්වන US AID සමඟ අත්සන් කළ ගිවිසුම විනිවිදභාවයෙන් යුතු බව තානාපතිවරිය සිහිපත් කර අතරම, ශ්‍රී ලංකාව කරන්නේ කුමක්ද යන්න දැන ගැනීමට ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය බව අවධාරණය කළාය.

තවද ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස ඇමරිකාව ඕනෑම වේලාවක ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීමට සූදානම් බවයි.

මේ අතර චීනය එක්සත් ජනපද තානාපතිනියගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ. චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ජාතික පුවත්පතකට පළ කළ වාර්තාවෙහි සඳහන් කර සිටියේ “එය පුදුමයට හා කම්පනයට” පත් වූ බවයි.

රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති බරපතළ ලෙස උල්ලංඝණය කරමින් තෙවන පාර්ශවීය තානාපතිවරයා චීන-ශ්‍රී ලාංකික සබඳතා ප්‍රසිද්ධියේ අවතක්සේරු කර ඇති ආකාරය පිළිබඳව චීනය අවධානය යොමු කර ඇති බවත් චීනය සහ ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයන් බවත් එම වාර්තාවේ‍ සඳහන් කර ඇත.

ස්වෛරී රටවල එක්සත් ජනපද මැදිහත්වීම අළුත් දෙයක් නොවන අතර, වෙනත් රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තමන්ට අවශ්‍ය පරිදි වෙනතකට හැරවීමට උත්සාහ කළ අයගේ නිර්ලජ්ජිත ක්‍රියාමාර්ග ගැන ජනතාව පුදුමයට පත් වූ බවත් අවශ්‍ය පරිදි විදේශ රටවල් සමඟ සබඳතා පවත්වා ගැනීමට දෙරටටම සෑම අයිතියක්ම ඇති බවත් චීන තානාපති කාර්යාලය පවසයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා සාකච්ඡා කිරීමට එක්සත් ජනපදයට බලයක් නොමැති බවත්
චීන ජනතාව එක්සත් ජනපද ආධිපත්‍ය දේශපාලනය පිළිගැනීමට අකමැති බවත් ශ්‍රී ලංකා ජනතාව එය පිළිගැනීමට අවශ්‍ය නොවන බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම චීන තානාපති කාර්යාලය ඇමරිකාවට උපදෙස් කිහිපයක් ලබා දී ඇත.

1. ලොව වැඩිම COVID-19 ආසාදනය ඇති රෝගීන් ඔබ සතුව ඇත. ආසාදනයට එරෙහිව වෙනත් රටවල ක්‍රියා හෙළා නොදකින්න.

2. ලෝක වෙළඳ සංවිධානයේ නීති රීති අනුගමනය නොකර නිදහස් ලෝක වෙළඳාම මත රැදී ක්‍රියා කිරීමට උත්සාහ නොකරන්න.

3. මතභේදාත්මක එම්.සී.සී. ගිවිසුම සැඟවීමෙන් විනිවිදභාවයේ රඟපෑම නොපෙන්වන්න.

4. වෙනත් රටවලට බෝම්බ හෙළමින්, විදේශීය හමුදා කඳවුරු අල්ලා ගනිමින්, ආර්ථික සම්බාධක පනවමින් එම රටවල ස්වෛරීභාවය උල්ලංඝණය කරන අයුරින් පොදු සහයෝගීතාවයනට එරෙහිව ක්‍රියා නොකරන්න.

යනුවෙන් චීනය උපදෙස් දී ඇත.
-news1st tamil-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *