කොටගල පෞද්ගලික ඉඩමක බලහත්කාරයෙන් හමුදා කඳවුර සඳහා නාම පුවරුවක් ස්ථාපිත කරයි

කොටගල පෞද්ගලික ඉඩමක බලහත්කාරයෙන් හමුදා කඳවුර සඳහා නාම පුවරුවක් ස්ථාපිත කරයි

කොටගල පෞද්ගලික ඉඩමක බලහත්කාරයෙන් හමුදා කඳවුර සඳහා නාම පුවරුවක් ස්ථාපිත කරයි

කොටගල වාණිජ කලාපයේ දිගු කාලීන බද්දට ලබා ගත් පුද්ගලයෙකුගේ ඉඩමට හමුදාව බලහත්කාරයෙන් ඇතුළුවී හමුදා කඳවුරක් පිහිටුවා ඇති බවට එම පුද්ගලයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති තත්වයක දී, දින කිහිපයකට උඩදී එම ස්ථානයේ යුද හමුදා බලසේනාවේ නාම පුවරුවක් හැටන් – තලවකැලේ ප්‍රධාන පාර අභියස සිටුවා ඇත.

එම ස්ථානයේ හමුදාව කිසිම අනුමැතියකින් තොරව කොරොනා ඇදිරි නීතිය පවතින විට ඇතුළුවී ගොඩනැගිලි අත්පත් කරගෙන ඇති බව මෙම ප්‍රදේශය දිගු කාලීන බද්දට ලබාගත් තැනැත්තෙකු එයට විරුද්ධව නඩු පවරා ඇත. මෙම නඩු විභාගය පසුගිය මස 15 වන දින සහ 29 වන දින පැවැත්වුනි. මෙම නඩුවේ විත්තිකරුවන්ගේ පාර්ශවයට ඉදිරිපත් වූ නීතිඥයින්, මෙහි එක් පාර්ශවයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය සහ යුද හමුදාව සිටින බැවින් ඔවුන් රජය නියෝජනය කරන බැවින් නඩුව සම්බන්ධ වන 66 කොටස ප්‍රකාරව මෙම අධිකරණය මගින් මෙම නඩුව විභාග කළ නොහැකි බව පවසා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට 29 වන දින ලිඛ්තව විරෝධතා ගොනු කරන ලෙස නියම කර ඇත.
නඩුව විභාග වෙමින් තිබියදී පසුගිය බ්‍රහස්පතින්දා හමුදාව විසින් මෙම නාම පුවරු ඵලකය සවිකර ඇත.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *