රහස් පොලිසිය භාරයේ සිටි රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කරලා

රිෂාඩ් බදියුදීන්ගේ සොයුරෙක් වන රියාජ් බදියුදීන්

රිට් පෙත්සමක්

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කර ඇතැයි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් වූ අතර මේ මස 29 වන දින පස්වරුවේ රියාජ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බවය.ඔහු මෙලෙස නිදහස් කෙරුණේ, මාස 5ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.

රියාජ් බදියුදීන් මහතාට අයත් පුත්තලමේ පිහිටි නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේදීය.ඔහු සමග නීතිඥ හිජාස් හිස්බුල්ලා, මොහොමඩ් අස්මින් නමැති ව්‍යාපාරිකයෙකු සහ රේගු නිලධාරියකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.ඉතිරි 5 දෙනා මෙතෙක් නිදහස් කර නැත.
-mawbima-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *