විශිෂ්ටතම ගෝලීය ව්‍යාපෘති සම්මානය කොළඹ වරාය නගර ව්‍යාපෘතියට

කොළඹ වරාය නගර

කොළඹ වරාය නගර

විශිෂ්ටතම ගෝලීය ව්‍යාපෘති සම්මානය කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සමස්ත ලෝකයේම අවධානය නැවත වරක් ශ්‍රී ලංකාව දෙසට යොමු කර ගනිමින් ජාත්‍යන්තර ඉංජිනේරු සහ ඉදිකිරීම් ප්‍රවෘත්ති සඟරාවක් වන Engineering News-Record (ENR) මගින් 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික ගෝලීය විශිෂ්ටතම ව්‍යාපෘති තරගයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘතියට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය.

මෙහිදී ලොකයේ මහාද්වීප 6 ක රටවල් 21 ක් නියෝජනය කරමින් ඉදිරිපත් කරනු ලැබූ සුවිශේෂී ව්‍යාපෘති 30 අභිබවමින් ප්‍රමුඛම ස්ථානය දිනාගැනීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමත් වීම කැපී පෙනෙයි.

මෙයට අමතරව නේවාසික/ආගන්තුක සත්කාර, මාර්ග/අධිවේගී මාර්ග, බලශක්ති/කාර්මික යනාදිය ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන්ද ඇගයීම් තක්සේරු කාර්යයකට ලක් විය. මෑතකාලීනව ඉංජිනේරු සහ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය ව්‍යාපෘතියක් ලබාගත් ඉහළම ගෝලීය ඇගයීම මෙය වන අතර, පවත්නා තත්ත්වය හමුවේ මෙම වසරේ සම්මාන උළෙල අන්තර්ජාලය ඔස්සේ සැප්තැම්බර් මස 17 වන දින පැවැත්වීය. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් ආරම්භ කොට වසර 6 ක් සම්පූර්ණවීමේ සංවත්සරය යෙදී තිබූ දිනයේදීම විශිෂ්ඨතම ගෝලීය ව්‍යාපෘතිය ලෙස සම්මානයට පාත්‍රවීම සුවිශේෂී අවස්ථාවකි.

මෙමගින් ගෝලීය හොඳම ව්‍යාපෘති හඳුනා ගැනීම සහ පසුගිය වසර තුළ සැලසුම් සහ ඉදිකිරීම් කාර්යයන් පිටුපස සිටින කණ්ඩායම් හඳුනා ගනිමින් ඔවුන් ඇගයීම් කාර්යයට ලක් කරනා අතර, එහි එක් රීතියක් වන්නේ අදාළ ව්‍යාපෘතියේ අවම වශයෙන් එක් සමාගමක් වත් එහි මව් සමාගමෙන් පිටත රටක් නියෝජනය විය යුතුය යන්නයි. තවද 2019 ජනවාරි සිට 2020 අප්‍රේල් දක්වා කාලය තුළ ඉදිකිරීම් අවසන් කළ යුතු බවට වූ කොන්දේසියට අනුකූලව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර එහි ඉදිකිරීම් සමාගම වන සී/ස චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) විසින් මෙම තරඟයට ඉදිරිපත් කර තිබුණි.

මෙම තරගය සංවිධාන කල Engineering News-Record (ENR) සඟරාව ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ මාධ්‍ය ජාලයක් වන අතර තරඟය ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර සංවිධාන වල නියෝජිත විනිශ්චය මණ්ඩලයකගේ ස්වාධීන අධීක්ෂණයට ලක් විය. Hatfield සමූහයේ Erleen Hatfield, Magnusson Klemencic Associates හි Jon Magnusson, Miyamoto International හි Kit Miyamoto, PAE හි Allan Montpellier, Mott MacDonald හි Patrick Natale, Strategic Program Management LLC හි Bob Prieto, Van Winkle Consulting හි Hans Van Winkle සහ Metrolinx ආයතනයේ Peter Zuk යන විශේෂඥයන් පිරිසකගේ මූලිකත්වයෙන් විනිශ්චය කරනු ලැබීය. මෙම අධීක්‍ෂණ කාර්යයේදී ආරක්‍ෂිත කාර්ය සාධනය, නවෝත්පාදන, අභියෝග සහ සැලසුම් සහ ඉදිකිරීම් කාර්යයේ ගුණාත්මක බව මෙන්ම ගෝලීය ව්‍යාපෘති කණ්ඩායම් වල විවිධත්වය සහ ඔවුනගේ සහයෝගීතාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබූ අතර, මෙම ව්‍යාපෘතිය මගින් දේශීය ප්‍රජාවට සහ / හෝ දේශීය ඉදිකිරීම් කර්මාන්තයට ලබාදෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන්ද විනිසුරුවරුන්ගේ අවධානය යොමු විය.

2017 වසරේදී Singapore Landscape Architecture සම්මාන උළෙලේදී Master Planning සඳහා වූ රිදී සම්මානය, 2018 වසර තුලදී Yuan Ye Urban Design සම්මාන උළෙලේ රන් සම්මානය සහ International Federation of Landscape Architects මගින් ක්‍රියාත්මක කරනු ලබන AAPME සම්මාන උළෙලේදී විශ්ලේෂණ සහ ප්‍රධාන සැළසුම්කරණය සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වූ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉන් පසුව ලැබූ සුවිශේෂී ඇගයීම් කාර්යය ලෙස මෙය දැක්විය හැකිය.

CHEC යනු චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) පූර්ණ හිමිකාරීත්වය දරණ සමාගම වන අතර, එය 2020 වසරේ ENR හි ඉහළම ජාත්‍යන්තර කොන්ත්‍රාත් කරුවන්ගේ ලැයිස්තුවේ 04 වන ස්ථානය දිනාගනු ලැබූ සමාගම වේ. තවද ප්‍රාග්ධනය, තාක්ෂණය, අලෙවිකරණය, කුසලතා සහ උපකරණ වාසි මෙන්ම ලොව පුරා පාරිභෝගිකයන් සඳහා ඉහළම තලයේ සේවා සැපයීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කීර්තියට මෙන්ම අවධානයට ලක්වූ වැදගත් ව්‍යාපෘතීන් රැසක් ඉදිකරනු ලැබූ සමාගම වේ. තවද CHEC සමාගම ENR Outstanding Project Award ඇතුළු වැදගත් සම්මාන රාශියක් දිනා ගැනීමටද සමත්ව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *