නැගෙනහිර අධ්‍යාපන පරිපාලනයට විනිසුරු ඉලන්චෙලියන් ලබාදුන් නියෝගය

නැගෙනහිර අධ්‍යාපන පරිපාලනයට විනිසුරු ඉලන්චෙලියන් ලබාදුන් නියෝගය

නැගෙනහිර අධ්‍යාපන පරිපාලනයට විනිසුරු ඉලන්චෙලියන් ලබාදුන් නියෝගය

නැගෙනහිර පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පත් කිරීමේ දී ඇති වූ අවුල සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිසා විනිසුරු ඉලන්චෙලියන් මහතා ක්‍රියාකාරී තීන්දුවක් ලබා දී ඇත.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ සුදුසුකම් නොසලකා හැර ඇති බවට චෝදනා කරමින් අකිලා කනගසූරියම් මහත්මිය, වැඩ බලන අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබූ සුජාතා මහත්මියට එරෙහිව ත්‍රිකුණාමලය අධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබුණි.

නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාප 13 ක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන් විසින් පරිපාලන කටයුතු සිදු කරන බව ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

අධිකරණයේ පෙනී සිටි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මුතු බණ්ඩා මහතා හට විනිසුරුවරයා පෙන්වා දුන්නේ, නැගෙනහිර පළාතේ අධ්‍යාපන මට්ටම 9 වන තැනට පසු බැසීමට හේතුවී ඇත්තේ ස්ථිර අධ්‍යාපන අධ්‍යක්ෂවරු පත් නොකර සිටින උසස් නිලධාරීන්ගේ පරිපාලන දුබලතා බවයි.

වැඩ බලන අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ වැඩ බලන විදුහල්පතිවරු මගින් අධ්‍යාපන පරිපාලනය සිදුකිරීම නැගෙනහිර පළාතේ අධ්‍යාපනය පිිරිහීමට හේතුවූ බවත් එය වහාම නතර කළ යුතු බවත් විනිසුරු ඉලන්චෙලියන් මහතා විසින් අධ්‍යාපන ලේකම් මුතු බණ්ඩා හට නියෝග කර ඇත.

වහාම ක්‍රියාත්මක වූ අධ්‍යාපන ලේකම්, කලාප 7-10 සඳහා අධ්‍යාපන අධ්‍යක්ෂවරු පත්කර ඇති බව අධිකරණයට දන්වා සිටියේය. ඉන් අනතුරුව පෙත්සම්කාරිය අකිලා කනගසූරියම් තමා මඩකලපුවේ බටහිර කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති බැවින් නඩු කටයුතු දිගටම කරගෙන යෑම අවශ්‍ය නොවන බව අධිකරණයට දන්වා සිටීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් කර තිබීම මෙහිදී සඳහන් කළ යුතුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *