(Video) 20 අති භයානකයි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

20 අති භයානකයි - හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

20 අති භයානකයි - හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉතා භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ, මේ මස 26 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණ සමරු උත්සවයට එක්වෙමිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු කථානායක කරූ ජයසූරිය හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිය පවුලේ බූදලයක් ලෙස නොසලකන බවය.

පොදු ජනතාවගේ නායකයෙකුට පක්ෂය දුන් නමුත් ඔහු නිසි ලෙස කටයුතු නොකළ බවත් එම නායකයා පක්ෂය කෑලි කෑලිවලට ඉරා දැමු බවත් හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *