අගමැතිගේ බලතල අඩු කිරීමට කිසිම අවස්ථාවක ඉඩ නොදෙනු – මහින්දානන්ද අලුත්ගමගේ

මහින්දානන්ද ගුවන්තොටුපොළෙන් හරවා යවයි

මහින්දානන්ද ගුවන්තොටුපොළෙන් හරවා යවයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බලතල අඩු කිරීමට කිසිඳු අවස්ථාවක ඉඩ නොදෙන්නෙමු. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධන අවශ්‍ය නම් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට අප සුදානම්. එමෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉටු කිරීමට විපක්ෂයේ සිට 20 දෙනෙකු රජයට එක් කර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පාර්ලිමේන්තුවේ පැවැත් වූ විශේෂ වෙළඳ භාණ්ඩ එකතු කිරීමේ පනතේ අනුපිළිවෙල පිළිබඳ විවාදයේ දී මේ බව ප්‍රකාශ කර තිබේ.

එහි දී වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ,

“20 වන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ඇති විට එය වහාම ක්‍රියාත්මක කළ නොහැක. එයට විරුද්ධතා තිබේ නම් අධිකරණයට ගොස් එය අභියෝගයට ලක් කිරීම සඳහා කාලයක් ලබා දී ඇත.

එමෙන්ම ඉදිරිපත් කර ඇති 20 වන පනත් කෙටුම්පතේ සංශෝධනයන් කිරීමට අවශ්‍ය නම්, විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට ඒ සම්බන්ධ සංශෝධනයන් භාර දුන්නහොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අප සුදානම්. කාට හෝ බලපෑමක් හෝ ගැටළුවක් තිබේ නම් එහි සංශෝධනයන් සිදු කළ හැක.

තවද 20 වන සංශෝධනයේ අග්‍රාමාත්‍යවරයාගේ බලතල ඉවත් කරන ලෙස විපක්ෂය සඳහන් කර ඇත. කාගේ බලතල ඉවත් කළත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බලතල ඉවත් කළ නොහැක. එයට අප ඉඩ ලබා නොදෙන බව ඔබලා මතක තබා ගත යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතාට නැවත තරඟ කිරීමට නොහැකි වන ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව වැඩ කිරීමට නොහැකි නිසා ජනාධිපතිවරයාගේ බලතල අග්‍රාමාත්‍යවරයාට පැවරීමට ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ය.

එම නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට මහජනතාව තුනෙන් දෙකක බහුතර බලය රජයට ලබා දී තිබේ. එහෙයින් රටට වින කරන කිසිඳු සංශෝධනයක් අප අනුමත නොකරන්නෙමු.

එමෙන්ම, 20 වන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සම්බන්ධව විපක්ෂය විරුද්ධත්වය පළ කර සිටියද , එය ඉටු කර ගැනීමට ජාතික සමඟි ජන බලවේගයේ සිටින 54 දෙනාගෙන් 17 දෙනෙකු රජයට පක්ෂපාතීත්වය දැක්වීමට සිටී. නමුත් 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ සිට අප 20 දෙනෙකු එක් කර ගන්නා බව ඔහු ප්‍රකාශ කර සිටියේ ය.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *