(Video)පාර්ලිමේන්තුව උණුසුම් වෙයි වෛද්‍ය ෂාෆි ගැන ප්‍රශ්නයට අධිකරණ ඇමති අලි සබ්රිට කේන්ති යයි..

"මේක අමූලික බොරුවක්"- පොලිසියට නීතිඥයන් බඳවා ගැනීමේ චොදනා අලි සබ්‍රි ප්‍රතික්ශේප කරයි

"මේක අමූලික බොරුවක්"- පොලිසියට නීතිඥයන් බඳවා ගැනීමේ චොදනා අලි සබ්‍රි ප්‍රතික්ශේප කරයි

සැම විට ම ජාතිවාදය මූලික කර ගනිමින් කටයුතු නොකරන්නැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ෂාෆි නැමති වෛද්‍යවරයා වඳ සැත්කම් කළ බවට වන චෝදනා පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

පැවති රජය මෙන් නොව වත්මන් රජය කිසි විටක අධිකරණයේ විභාග වන නඩු කටයුතු පිළිබඳව කිසිදු මැදිහත් වීමක් සිදු නොකරන බව මෙහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කළේය.

අධිකරණ පද්ධතිය තුළ හත් ලක්ෂ අනූපන්දහසක පමණ නඩු සංඛ්‍යාවක් විභාග වෙමින් පවතින බවත් චෝදනා එල්ල වන අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් වන නඩුව ද ඒ අතරින් එකක් වන බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *