මාස 7ක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 228ක් වටිනා එළවළු ආනයනය…

මාස 7ක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 228ක් වටිනා එළවළු ආනයනය

මාස 7ක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 228ක් වටිනා එළවළු ආනයනය

මෙම වසරේ පලමු මාස 7 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 228ක් වටිනා එළවළු ආනයනය කර ඇත. මෙය පසුගිය වසරේ පලමු මාස 7 තුළ සිදු කරන ලද එළවළු ආනයනයට වඩා 38% ක වැඩි වීමකි.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලවකවානුව ද සඳහන් කළ මාස 7 තුළ අඩංගු වේ.

මෙම කාලවකවානුව තුළ කිරි නිෂ්පාදිත ආනයනය, පසුගිය වසරේ පලමු මාස 7 කාලයට වඩා 15.6%කින් ඉහළ ගොස් තිබේ.

මේ වසරේ පලමු මාස 7 තුළ සිදු වූ විදේශ අංශයේ කටයුතු සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කර ඇත. ඒඅනූව පසුගිය වසරේ පලමු මාස 7 සමඟ සසඳන විට, මෙම වසර පලමු මාස 7 තුළ රටේ ආදායම 21.4% කින් අඩු වී තිබේ.

මෙම කාලය තුළ ආනයනය සඳහා වන වියදමද 20.07%කින් අඩු වී ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *