(Photos) මෙරට හඳුන්කූරු කැනඩාවටත්….

ලංකා හඳුන්කූරු කැනඩාවට

ලංකා හඳුන්කූරු කැනඩාවට

මෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය මේ මාසයේ 16 වන දින ආරම්භ කළේය.
එම අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට මාධ්‍ය හමුවක් හා සුහද හමුවක් පිටකෝට්ටේ රැෆාල් උත්සව ශාලාවේ දී පැවැත්විණි. එහි දී අපනයනයට සූදානම් කර තිබූ හඳුන්කූරු තොගය සංකේතාත්මකව කර්මන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්වරු වෙත ‘තායි සුමේධා’ සමාගමේ සභාපති සුමේධ ඇල්පිටිය මහතා විසින් පිළිගන්වනු ලැබීය.
මෙහි දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්ව සිටි එම ආයතනයේ සේවක පිරිස් හා ව්‍යාපාරික ප්‍රජාව දිරිගන්වමින් දේශනයක් ද සිදු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *