(Video) අධිකරණ ඇමතිතුමනි, මේ ලෝකෙ හැමදේම කන්න බෑ – හර්ෂ ද සිල්වා

අධිකරණ ඇමතිතුමනි, මේ ලෝකෙ හැමදේම කන්න බෑ - හර්ෂ ද සිල්වා

අධිකරණ ඇමතිතුමනි, මේ ලෝකෙ හැමදේම කන්න බෑ - හර්ෂ ද සිල්වා

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබේ ද?

2020 සැප්තැම්බර් 14 වන දින 360°වැඩසටහනට සහභාගී වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ පිළිබඳව දැක්වූ අදහස්,

“පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට 18 වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබ්බෙත් නැහැ. 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබ්බෙත් නැහැ. යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙත් නැහැ. මිනිස්සුන්ව රවට්ටනවා. නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ ක්‍රමවේදය 2002 පනතකින් ඉඩ සලසා තිබෙනවා. මෙම පනතේ තියෙන්නේ දෙදෙනෙකු අස් කරන ක්‍රමවේදයයි. මැතිවරණ කොමිසම දියාරු කරලා. විගණන කොමිසම මහානායක ස්වාමීන් වහන්සේලා හමුවෙලා ඉල්ලා සිටිනවා විගණන කොමිසම අහෝසි කිරීම වළක්වන්න කියලා. ශ්‍රී ලංකා Air Line එක විගණනය කරන්න බැහැ. LECO එක විගණනය කරන්න බැහැ. ඒවගේම ආයතන150ක් විගණනය කරන්න බැහැ. වෙන රටක පුරවැසිභාවය තියෙන කෙනෙක්ට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන්.

ඇත්ත වශයෙන්ම මම කණගාටු වෙනවා අලි සබ්රි අධිකරණ ඇමතිතුමා කොමිසම් කන්නද කියලා අහපු එක ගැන. කොමිසම් සභා තියෙන්නේ කන්න නෙවෙයි. බල තුලනය කරන්න.

එක රටක් එක නීතියක් නම්, ද්විත්ව පුරවැසියන්ට රටවල් දෙකක නීති දෙකක්. එතකොට කොහොමද රටේ ජනාධිපතිවරයාට නීති දෙකකුත්, රටේ පුරවැසියන්ට එක් නීතියකුත් ක්‍රියාත්මක කරන්නේ? රටේ ජනතාවට සේවය කරන්න ඕනේ නම් මොකටද වෙන රටක පුරවැසිභාවය?”

සම්පූර්ණ 360 වැඩසටහන – https://www.facebook.com/AdaDerana24/videos/692069754725449

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *