“එක ජාතියක් ඉලක්ක කරගෙන 20 වන සංශෝධනය ගෙනාවෙ නෑ” – ඇමති නාමල් රාජපක්ෂ

ඇමති නාමල් රාජපක්ෂ

ඇමති නාමල් රාජපක්ෂ

“ව්‍යවස්ථාවට ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඕනෑම කෙනෙකුට අධිකරණයේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. එක ජාතියක් ඉලක්ක කරගෙන 20වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරේ නැහැ. සියලු ජන කොටසකගේම අභිප්‍රායන් සැලකිල්ලට ගෙන නව ව්‍යවස්ථාවක් සකස් කරනවා” යනුවෙන් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පදනම විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

19 වන ව්‍යවස්ථා සංශෝධනය රට වෙනුවෙන් සකස් කරනලද එකක් නොවේ. රජයේ අවශ්‍යතාවයට ලහි ලහියේ සාදන ලද එකක්. ජනතාවට එයින් සෙතක් වුනේ නැත. මතභේද පමනක් ඇති විය. රටට සරිලන විධියේ ව්‍යවස්ථාවක් ගොඩනගන බව ජනතාවට අපි පොරොන්දු වී ඇත.

පොරොන්දු ඉටු කිරීමේ වගකීම රජයට දැන් පවතින බවත් එනිසා 19 වන සංශෝධනය අහෝසි කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවත් ප්‍රකාශ කළේය. ගැසට් කර ඇති නීති කෙටුම්පත පිළිබඳව නොයෙකුත් මත ඉදිරිපත් වෙමින් පවතින අතර එය සකස් කළේ කවුරුන්ද යන්න වැදගත් නොවන බවත් ඕනෑම කෙනෙකුට එය අධිකරණය හමුවේ අභියෝග කළ හැකි බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *