සුදුසුකම් සහිත විදෙස් උපාධිධාරීන් රාජ්‍ය සේවයේ රැකියා දීමට තීරණයක්

විදෙස් උපාධිධාරීන් රාජ්‍ය සේවයේ රැකියා

විදෙස් උපාධිධාරීන් රාජ්‍ය සේවයේ රැකියා

විදෙස් රටවලින් උපාධි ලබා ගත් පුද්ගලයින් මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් සුදුසුකම් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.
විදෙස් විශ්වවිද්‍යාලවලින් උපාධි ලැබූවන් සියලු දෙනාට රජයේ රැකියා අවස්ථා ලබා දීමට හැකියාවක් නොමැති බව ඔහු පවසයි.

එවැනි උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් 4100ක් පමණ ලැබී ඇතැයි ලේකම්වරයා සඳහන් කළේය.”ඒ ඔක්කොට ම රැකියා දෙන්න හැකියාවක් නෑ. හැබැයි අපේ පවතින පුරප්පාඩුවලට ගැලපෙන උපාධිධාරීන් ඉන්නවා ද කියල බලල ඔවුන්ට පත්වීම් ලබා දෙන්න තමයි අපි අදහස් කරගෙන ඉන්නේ,” ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කළේය.ඒ අනුව, ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ ඉංග්‍රීසි වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් ලෙස අදාළ උපාධිධාරීන් බඳවා ගැනීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *