රුසියාවෙන් හමුදා උපකරණ මිලදී ගැනීමට යන ශ්‍රී ලංකාව

0
රුසියාව - ශ්‍රී ලංකාව

රුසියාව - ශ්‍රී ලංකාව

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති එම්.ටී.ළමාවංශ
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති එම්.ටී.ළමාවංශ

ශ්‍රී ලංකාව රුසියාවෙන් මිලදී ගැනීමට නියමිතව ඇත. මේ සඳහා වන පැතුම් පත්‍රය රුසියාවට භාරදී ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති එම්.ටී.ළමාවංශ මහතා ස්පුට්නික් ප්‍රවෘත්ති සේවයේ පුවතක් පල කර ඇත.

ඒ අනුව රුසියාව හමුදා උපකරණ හැකි ඉක්මනින් කොළඹට යැවීමට අපේක්ෂා කරන බව ස්පුට්නික් ප්‍රවෘත්තියය මගින් සඳහන් කොට ඇත.

ඉතා කෙටි කාලයක් තුළදී ඇතැම් හමුදා උපකරණ ලබා ගැනීමට සැලසුම් කර ඇත. දැනටමත් ඇති කර ගෙන ඇති ගිවිසුමද බලාත්මක වේ. එය අවසන් වූ පසු නව ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කරනු ලබන බව ළමාවංශ මහතා සඳහන් කර සිටියේය.

වසර ගණනාවක සිට රුසියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් තාක්ෂණයන් හා උපකරණ ශ්‍රී ලංකාවට විශ්වාසය ලබා දී තිබේ. මෙම තත්වය මත තානාපති ළමාවංශ මහතා පවසා සිටියේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් උපකරණ අවශ්‍ය බවයි.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com