රත්නපුරේ ගං වතුර පාලනයට, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සුපිරි යෝජනාවක්

රත්නපුරේ ගං වතුර පාලනයට, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සුපිරි යෝජනාවක්

රත්නපුරේ ගං වතුර පාලනයට, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සුපිරි යෝජනාවක්

රත්නපුරේ ගං වතුර පාලනයට, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් වියළි බැමි ක්රමය (DRY DAMS) හඳුන්වා දීමට යෝජනාවක්.
රත්නපුර දිස්ත්රික්කය නිරන්තරයෙන් ජල ගැලීම්වලට ලක්වන දිස්ත්රික්කයකි. සෑම වසරකම පාහේ කුමන හෝ ප්රමාණයක ගං වතුර තත්ත්වයකට මුහුණ දීමට රත්නපුර දිස්ත්රික්කයේ ජීවත්වන ජනතාවට සිදු වේ. මෙලෙස ඇතිවන ගං වතුර තත්ත්වයන් පාලනය කිරීම සඳහා විටින් විට විවිධ යෝජනා ඉදිරිපත් වුණි.
රත්නපුර දිස්ත්රික්කයට බලපාන ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලබන නවතම යෝජනාව වියළි බැමි ක්රමය (DRY DAMS) ලෙස හඳුන්වා දිය හැකිය.
එස්.පී.සී. සුගීෂ්වර මහතා
එස්.පී.සී. සුගීෂ්වර මහතා

2020.09.04 වන දින රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවති, රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වෙත වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල්තුමා නියෝජනය කරමින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (ජල විද්යා), ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා රත්නපුර දිස්ත්රික්කයේ ගං වතුර පාලනය කිරීම සඳහා වඩාත්ම සුදුසු වියළි බැමි (dry dams) ක්රමය බව අවධාරණය කළේය.

රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම රත්නපුර මහ දිසාපතිනි මාලනී ලොකුපෝතාගම මැතිනියගේ කැඳවීමෙන් හා කමිටුවේ ගරු සම සභාපතිතුමන්ලා වන රත්නපුර දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී, අකිල සාලිය එල්ලාවල මැතිතුමාගේ හා සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී රත්නපුර දිස්ත්රික්කයේ ගං වතුර තත්ත්වය සහ වියළි බැමි ක්රමය (dry dams) පිළිබඳ කරුණු පැහැදිලි කළ ඉංජිනේරු සුගීෂ්වර මහතා. “ රත්නපුර දිස්ත්රික්කයේ ගං වතුර තත්ත්වයට බලපාන විශාලතම ගංඟාව තමයි කළු ගඟ. කළු ගඟේ වර්ග ප්රදේශය වර්ග කිලෝ මීටර් 2600 ක් පමණ වනවා. ඒ වගේම එය ලංකාවේ 04 වන විශාලතම ගංඟා ද්රෝණියයි. නමුත් කළු ගඟ මුහුදට ගෙනියන ජල ප්රමාණය ගත්තොත් ලංකාවේ අංක එකේ ගංඟා ද්රෝණිය. ගං වතුර ගැටළුව ගත්තොත් කැළණි ගඟට පසුව විශාලතම ගං වතුර ගැටළුව ඇති වන්නේ කළු ගඟෙන්. ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2000 ක් පමණ වනවා. නමුත් රත්නපුර දිස්ත්රික්කයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 4000 ක් පමණ වනවා.
ඔබ අප කවුරුත් දන්නවා කළු ගඟ පටන් ගන්නේ සමනල අඩවියෙන්. මීටර් 2250 ක් පමණ උසින්. කළු ගඟ කළුතරින් මුහුදට වැටෙන විට කිලෝමීටර් 100 ක් පමණ දිගු දුරක විහිදෙනවා. කළු ගඟ රත්නපුර නගරයට එන විට කිලෝමීටර් 36 ක් පමණ දිගකින් යුක්තයි. එම කිලෝමීටර් 36 ඉතාම තියුණු බෑවුමක හැඩයකින් තමයි වේගයෙන් බැස එන්නේ එය රත්නපුරේ ගං වතුර තත්ත්වයට විශාල ලෙස බලපානවා.
ඒ වගේම ඔබ අප කවුරුත් දන්නවා 2017 වර්ෂයේ රත්නපුර දිස්ත්රික්කයට අති විශාල ගං වතුර තත්ත්වයක් බලපෑවා. දෙස් විදෙස් තක්සේරු විශේෂඥයින්ට අනුව කළු ගං ද්රෝණිය ආශ්රිතව සිදුවුණු හානිය රුපියල් බිලියන 80 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. ඒ වගේම කළු ගඟ විශාලතම ජල ප්රවාහය මහ සයුර වෙත රැගෙන ගියත් කළු ගඟ මූලික කරගෙන ඉඳිකරන ලද ජල සම්පත් සංවර්ධන කටයුතු ඉතාම සීමිතයි.
රත්නපුර දිස්ත්රික්කයට බලපාන ගං වතුර තත්ත්වය පාලනය කිරීම සඳහා 1960 ගණන්වල සිටම දැඩි ලෙස කතාබහට ලක් වුණු යෝජනාවක් තමයි මහා පරිමාණ මල්වල ජලාශය (BIG MALWALA DAM). වර්තමානයේ මෙම ජලාශය ඉඳි කළ හොත් විශාල ඉඩම් ප්රමාණයක් යට වෙනවා. ඒ වගේම විශාල පවුල් සංඛ්යාවක් නැවත පදිංචි කළ යුතු වනවා. එම නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වර්තමානයේ මහා පරිමාණ මල්වල ජලාශය ඉඳි කිරීම පිළිබඳ අවධානය යොමු කරන්නේ නෑ.

ඒ වෙනුවට නොඑසේ නම් රත්නපුර දිස්ත්රික්කයේ ගං වතුර පාලනයට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ වියළි බැමි ක්රමයයි. (dry dams), වියළි බැමි ක්රමය මගින් සිදු වන්නේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට වර්ෂාවක් ලැබුනොත් එම ගං වතුර, ඉඳි කරනු ලබන ජලාශයේ රදවා ගැනීමයි. ඉන් පසු ක්රමාණුකූලව ජලය මුදා හරිනු ලබයි. ඒ වගේම මෙම වියළි බැමි ඉඳි කරනු ලබන ඉඩම්වල අයිතියද නොවෙනස්ව පවතිනවා. එම ඉඩම්වල පදිංචිවීමට නොහැකි වුනත් ගං වතුර තත්ත්වයන් නොමැති කාලවල දී මිනිසුන්ට එම භූමිය කෘෂි කාර්මික කටයුතු හා මැණික් ගැරීම වැනි කටයුතුවලට කිසිදු බාධාවකින් තොරව භාවිතා කළ හැකිය. සාමාන්යෙයන් දින 08 ක් 10 ක් පමණ වතුරෙන් යටව පැවතියත් හානියක් නොවන භෝග වගා කිරීම මෙහි දී වඩාත් යෝග්ය වනවා. නමුත් මහා පරිමාණ මල්වල ජලාශය ඉඳි කළේ නම්, ජලාශයට යටවන ඉඩම්වල අයිතිය කිසිසේත්ම එම ඉඩම් අයිති ජනතාවට ලැබෙන්නේ නැහැ.

මෙහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලෙස අපි යෝජනා කරන්නේ රත්නපුර ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා වියළි බැමි 03 ක් ඉඳිකිරීම සුදුසු බවයි. එම බැමි ඉඳිකිරීමට යෝජනා කරනු ලබන ස්ථාන නම් මල්වල හා දෑල ප්රදේශයි. මෙහිදී මල්වල ප්රදේශයේ වර්ග කිලෝමීටර් 6.9 ක පමණ වපසරියකින් යුක්ත වූ වියළි බැම්මක් ද, දෑල ප්රදේශයේ වර්ග කිලෝමීටර් 4.5 ක් සහ 2.3 ක වපසරියකින් යුක්ත වූ වියලි බැමි දෙකක් ද ලෙස ඉඳිකිරීමට යෝජිත සමස්ත වියළි බැමි සංඛ්යාව තුනකි. නමුත් මහා පරිමාණ මල්වල ජලාශය ඉඳි කළේ නම් මල්වල සහ ඒ අවට ප්රදේශවලින් පමණක් වර්ග කිලෝමීටර් 18.5 ක් අවශ්ය වනවා. නමුත් වියළි බැමි ඉඳිකිරීම මගින් එම ඉඩම්වල කෘෂිකාර්මික හා මැණික් ගැරීම වැනි කටයුතු ද ජනතාවට ඉතාම පහසුවෙන් සිදු කර ගැනීමට හැකිවන අතර රත්නපුර දිස්ත්රික්කයට ප්රභල හානි ගෙන දෙන ජන ජීවිතය දැඩි ලෙස පීඩාවට පත් කරන ගං වතුර තත්ත්වය ද මනා ලෙස පාලනය කර ගත හැකියි.
ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ගං වතුර තත්ත්වයන්ට මුහුණ දෙන බොහෝ රටවල් මීට වසර සියයකට පමණ ඉහත දී මෙම වියළි බැමි ඉඳි කර ඇති බවත් එමගින් සාර්ථක ලෙස ගං වතුර පාලනය කර ගෙන තිබෙන බවත් සුගීෂ්වර මහතා පැවසීය. එමෙන්ම රත්නපුර දිස්ත්රික්කයට බලපාන ගං වතුර තත්ත්වය පාලනය කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරිපත් වී තිබුණ සියලූම යෝජනා සමාලෝචනය කර වර්තමාන සමාජ, ආර්ථික හා පාරිසරික තත්ත්වයන්ට වඩාත්ම ගැලපෙන සුදුසුම ක්රමය වියලි බැමි ක්රමය බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.”
රත්නපුරේ ගං වතුර පාලනයට, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සුපිරි යෝජනාවක්

රත්නපුරේ ගං වතුර පාලනයට, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සුපිරි යෝජනාවක්
රත්නපුරේ ගං වතුර පාලනයට, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සුපිරි යෝජනාවක්

රත්නපුරේ ගං වතුර පාලනයට, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සුපිරි යෝජනාවක්

මෙහිදී රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේ මෙම වියළි බැමි ඉඳිකිරීමේ ක්රමය සංකල්පීයමය වශයෙන් අනුමත කර, එම වියලි බැමි ඉඳි කිරීමට අපේක්ෂිත ස්ථාන නිශ්චිත ලෙස හඳුනාගෙන ඒ පිළිබඳ සම්පූර්ණ අධ්යයනයක් සිදු කර වාර්තාවක් රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙසය.
මෙම අවස්ථාවට සෞඛ්ය අමාත්ය ගරු පවිත්රා වන්නිආරච්චි මැතිනිය, ජල සම්පාදන ගරු අමාත්ය වාසුදේව නානායක්කාර මැතිතුමා, වැවිලි බෝග වගා සංවර්ධන ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්රවර්ධන ගරු රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මැතිතුමා, රත්නපුර දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්රිනී මුදිතා ප්රිශාන්ති ද සොයිසා මැතිනිය, ගරු පාර්ලිමේන්තු මන්ත්රිනී තලතා අතුකෝරාල මැතිනිය, ගරු පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්රී වරුණ ලියනගේ මැතිතුමා ඇතුළු රාජ්ය නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.
[දිස්ත්රික් මාධ්ය ඒකකය,රත්නපුර | images : Aruna Samarathunga ]

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *