වැටලීමකට ගිය පොලිස් නිළධාරීන් පිරිසකට බණ්ඩාරගම, අටලුගම ගම්වාසීන් පහරදෙයි


බණ්ඩාරගම, අටලුගම
මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයට ගිය පොලිස් නිළධාරීන් පිරිසකට ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එහි දී ගංජා අලෙවියේ නියුතු පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහුගෙන් ලද තොරතුරකට අනුව ප්‍රධාන සැකකරුවෙකු එම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන නැවත පොලිස් ස්ථානයට රැගෙන යමින් සිටිය දී ප්‍රදේශවාසීන් විසින් පොලිස් ජීප් රථය හරස් කරමින් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
පහර දීමෙන් නිළධාරින් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බවත් තත්වය පාලනයට ගෙන ඒමට අවට පොලිස් ස්ථාන වල නිළධාරින් මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකාය හට ද කැඳවීමක් කර ඇති බව පොලිසිය වැඩිදුර සඳහන් කර සිටියා.
-image: Atulugama village by adaderana-