‘චොකා මල්ලි’ විපක්ෂයේ දැඩි විරෝධතා මැද මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

'චොකා මල්ලි' විපක්ෂයේ දැඩි විරෝධතා මැද මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

'චොකා මල්ලි' විපක්ෂයේ දැඩි විරෝධතා මැද මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර මහතා විපක්ෂයේ දැඩි විරෝධතා මැද ඊයේ(8) සිය මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.

විපක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ(8) දිනයේදී කළු පැහැති සාටක පැළඳ සභා ගර්භයේ අසුන් ගෙන සිටියහ.ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සභාව අමතමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයෙකුට කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නොහැකි බවය.2010 වසරේදී ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බවට මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එවකට ඉදිරිපත් කළ නීති තර්ක මෙහිදී කිරිඇල්ල මන්ත්‍රීවරයා සභාව ඉදිරියේ කියවීය.
මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, ප්‍රේමලාල් ජයසේකර මහතා සම්බන්ධයෙන් තමාට අධිකරණයෙන් ලැබුණු උපදෙස් මත ක්‍රියා කළ බවය.පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ද එම දිවුරුම් දීමට එරෙහිව අදහස් පළ කළේය.මේ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පසුව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවතට ගියහ.

'චොකා මල්ලි' විපක්ෂයේ දැඩි විරෝධතා මැද මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *