ව්‍යවස්ථා සංශෝධනය අත පෙවීමට ඉන්දියාව උත්සාහ: අත පෙවීමෙන් කිසිඳු ඵලක් නැත – අමාත්‍ය විමල් වීරවංශ

මිත්‍රශීලි රටවල් සමග සාකච්ඡා කර ඩො.බි 4ක්, 5ක් ලබාගැනීම මෙම ආර්ථික ප්‍රශ්නයට කෙටි කාලීන විසඳුමයි - විමල්

මිත්‍රශීලි රටවල් සමග සාකච්ඡා කර ඩො.බි 4ක්, 5ක් ලබාගැනීම මෙම ආර්ථික ප්‍රශ්නයට කෙටි කාලීන විසඳුමයි - විමල්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සහ 19 වන සංශෝධන රටට සාපයක් වී ඇත. මෙම සංශෝධන දෙකටම නව රජය අවසානයක් දැකීමට කටයුතු කරයි. එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තාවකාලික වැඩ පිළිවෙලක් වේ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා දැනුම් දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විශේෂ තානාපති හරහා අත පෙවීමට ඉන්දියාව උත්සාහ කරන බව හෙළි වූ පුවත සම්බන්ධයෙන් මාධ්‍යයන්ට කරුණු ප්‍රකාශ කරන විට ඔහු මෙලෙස අදහස් දැක්වීය.

ඔහු මේ පිළිබඳව තව දුරටත් ප්‍රකාශ කළේ ,

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තිත තබනු ලැබේ යැයි විශ්වාස කරමු. එමෙන්ම මෙය පිළිබඳව අපි ස්ථිර අධිෂ්ඨානයෙන් සිටින්නෙමු. මෙයට ඉන්දියාව අත පෙවීමෙන් කිසිඳු ඵලක් නැත.

මේ රටේ ජනවාර්ගික ගැටළුවට 13 වන ව්‍යවස්ථා සංශෝධනය ද එක් හේතුවක් වී ඇත.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය තාවකාලික විධිවිධානයකි. ඉන් පසුව එන නව ව්‍යවස්ථාව භයානක සංශෝධනවලට අවසානයක් ගෙනේ.

එබැවින්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉන්දියාව කැමැත්තක් දක්වන 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ අර්ථකථනය ඇතුළත් කිරීමට රජය පියවර නොගනු ඇතැයි යනුවෙන්ද ඔහු තවදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *