(Photos) කිලිනොච්චියෙන් සොයා ගත් දුර්ලභ ගණයේ මාදං

කිලිනොච්චියෙන් සොයා ගත් දුර්ලභ ගණයේ මාදං

කිලිනොච්චියෙන් සොයා ගත් දුර්ලභ ගණයේ මාදං

කිලිනොච්චිය කන්දාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උළවනූර් ග්‍රාමයේ පෞද්ගලික ඉඩමක දුර්ලභ ගණයේ සුදු පැහැති මාදං විශේෂයක් සොයා ගෙන ඇත.උළවනූර් ගම්මානයේ පදිංචිකරුවකු වන වල්ලිපුරම් රාජේන්ද්‍රන් නැමැත්තාගේ ඉඩමෙහි තිබී මෙම සුදු පැහැති නව මාදං විශේෂය හඳුනාගෙන ඇත.

ඉඩමෙහි අයිතිකරු විසින් මෙම මාදං ගසෙහි ඇති පළතුරු වෙනස් බවට දුටු ඒවා නෙල්ලි ගෙඩිවල ස්වරූපයට සුදු පැහැයට තිබෙනු දැක ඇත. ඒවායෙහි රසය පවා සාමාන්‍ය පළතුරුවලට වඩා වෙනස් බවද කියනු ලැබේ.

චුණ්ඩික්කුළම කුරුලු අභයභූමිය පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශයේ සිට කිලෝමීටර 5 ක් පමණ දුරිනි. ඍතුමය පක්ෂීන් කලින් කලට මෙම අභය භූමියට පැමිණෙති. එලෙස පැමිණෙන පක්ෂීන් මෙම ඉඩමට යාබදව ඇති ජලාශය අවට ගස්වල රැය ගත කරති. ඔවුන්ගේ අසූචි මගින් මෙම සුදු පැහැති මාදං වර්ගය උළවනූර් ගම්මානයේ හට ගෙන ඇතැයි විශ්වාස කරනු ලැබේ.

මෙවැනි මාදං ඉන්දියාවේ බටහිර කඳුකරයේ දක්නට ලැබෙන අතර සම්ප්‍රදායික මාදං පළතුරට වඩා ඖෂදීය ගුණය මෙම පළතුරෙහි ඇති බව පවසනු ලැබේ.

කිලිනොච්චියෙන් සොයා ගත් දුර්ලභ ගණයේ මාදං

කිලිනොච්චියෙන් සොයා ගත් දුර්ලභ ගණයේ මාදං

කිලිනොච්චියෙන් සොයා ගත් දුර්ලභ ගණයේ මාදං

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *