අළුතින් විශ්වවිද්‍යාල 10 ක් පිහිටුවීමට පියවර – අධ්‍යාපන ඇමති

අළුතින් විශ්වවිද්‍යාල 10 ක් පිහිටුවීමට පියවර - අධ්‍යාපන ඇමති

අළුතින් විශ්වවිද්‍යාල 10 ක් පිහිටුවීමට පියවර - අධ්‍යාපන ඇමති

දැනට පවතින විශ්වවිද්‍යාලවලට අමතරව අළුතින් විශ්වවිද්‍යාල 10 ක් පිහිටුවීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් වී ඇති බවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සමග සිදු කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ඉදිරියේදී පාසල් සිසුන්ට ගැලපෙන පරිදි විෂයමාලා සංශෝධන සිදු කිරීම පිළිබඳව සෑම දිස්ත්‍රික්කයකම සම්මන්ත්‍රණ පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ඇතුළු සියලු පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම සංශෝධනය සිදු කිරීමට නියමිත බවත්ය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සමාජය තුළ ගෞරවාන්විතව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සියලූම උපාධිධාරීන්ට ලැබිය යුතු බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *