ලෝකයම මවිතයට පත්කරමින් තෙල් නැවේ ගින්න මැඩලයි, නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යයි..

ලෝකයම මවිතයට පත්කරමින් තෙල් නැවේ ගින්න මැඩලයි, නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යයි

ලෝකයම මවිතයට පත්කරමින් තෙල් නැවේ ගින්න මැඩලයි, නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යයි

අම්පාර ආසන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක් වූ New Diamond ඉන්ධන නෞකාවේ ගින්න මැඩ පවත්වා ගත් බව ශ‍්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරයි.

ශ‍්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ඇතුළු කණ්ඩායම් විසින් ඒකාබද්ධව දැවැන්ත උත්සාහය කින් පසු ගින්න පාලනය කර ඇත.ඒ අනුව යාත‍්‍රාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ආරම්භ කර ඇත.
මේ වන විට නෞකාවෙන් ගින්දර නිකුත් නොවන බවද වාර්තා වන අතර ගින්න මැඩ පැවැත් වුවද එයින් නැගෙන දුම් තවත් දින කිහිපයක් තිස්සේ පැවතෙනු ඇත.

ලෝකයම මවිතයට පත්කරමින් තෙල් නැවේ ගින්න මැඩලයි, නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යයි

කෙසෙ වෙතත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සදහන් කරන්නේ නෞකාවේ ගින්න බාහිර වශයෙන් බොහෝදුරට මැඩපවත්වා ඇති නමුත් අභ්‍යන්තරයේ තවදුරටත් ගින්න පවතින බවයි.තෙල් ටොන් 270,000 ක ප්‍රමාණයක් සමග මෙම නාවික යාත්‍රාව අම්පාරට කිලෝමීටර් 35ක් පමණ ඈතින් ගිනි ගැනීමට ලක්විය.

මේ අතර නෞකාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව චීන වරාය ගුවන් හමුදා කඳවුරින් අද උදෑසන ගුවන් යානයක් පිටත් කර හැර තිබේ, නෞකාවේ පිටත කොටසේ ගින්න පැතිරීම පාලනය කර ඇතත් තවදුරටත් ගින්න පවතී ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා එම යානය යෙදවා ඇත

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසුවේ, නැව පාවී ගොඩබිමට පැමිණිම වැළැක්වීම සඳහා කටයුතු කරමින් ඇති බවයි.

මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන කාන්දු වුවහොත් එය ලොව විශාලතම පාරිසරික ව්‍යසනය විය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ජාත්‍යන්තරයේ සහය ද හිමිව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *