(Video) අපේ උරුමය රකිනවා කියලා ආපු ආණ්ඩුව කරුමයක් වෙලා තියෙන්නේ – සමඟි ජන බලවේගය

අපේ උරුමය රකිනවා කියලා ආපු ආණ්ඩුව කරුමයක් වෙලා තියෙන්නේ - සමඟි ජන බලවේගය

අපේ උරුමය රකිනවා කියලා ආපු ආණ්ඩුව කරුමයක් වෙලා තියෙන්නේ - සමඟි ජන බලවේගය

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට දේශීය උරුමයන් විනාශ කරන්නද ජනතාව චන්දේ දුන්නේ?” යැයි ජාතික සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා ප්‍රශ්න කළේය.

ජාතික සමඟි ජන බලවේග මූලස්ථානයේ අද දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙලෙස ප්‍රශ්න නැඟූ ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ,

ජනාධිපති මැතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් රටේ පොදු උරුමයන් සහ සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා තමන්ව බලයට පත් කරන ලෙස වත්මන් පාලක පක්ෂය ඉල්ලා සිටියේය. ඒ අනුව ජනතාව විසින් 2/3ක බලයක් රජයට ලබා දී තිබේ. නමුත් රජය ජාතික උරුමයන් ආරක්ෂා කිරීම පසෙක ලා එය තුරන් කිරීමට උත්සාහ කරයි.

බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සභාව ඩෝසර් කර මාස 2ක් වේ. නමුත් ඒ සිද්ධියට සම්බන්ධ වූ කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැත. එමෙන්ම පුත්තලමේ ආනෙයිවිලුන්දාන් ප්‍රදේශයේ දක්නට තිබූ මඩ වගුරු විනාශ කළ බවට චෝදනා ලැබූ ව්‍යාපාරිකයෙකු ද, බැංකු යන්ත්‍රයෙහි රියදුරෙකු ද පමණක් අත්අඩංගුව ගන්නා ලදී. මෙම ක්‍රියාවන්ට පිටුපසින් දේශපාලඥයන්ගේ සම්බන්ධතා තිබේ. ඔවුන් සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගෙන නැත.

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය පවා මොවුන් අත්හැරියේ නැත. සිංහරාජ වනය මැදින් මාර්ගයක් ඉඳි කරමින් පවතී. එම මාර්ග ඉදි කිරීම නිරීක්ෂණය කිරීමට ගිය ජනාධිපතිවරයා ‘ මෙම ව්‍යාපෘතිය මෙසේ කරන්න ‘ යනුවෙන් පවසා ඇත. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කිරීමට පෙර ඔහු එය සම්බන්ධව පරිසරවේදීන්ගෙන් උපදෙස් ලබා ගත්තේද? එම විෂය සම්බන්ධ විද්වතුන්ගෙන් කිසිම උපදෙසක් නොලබා එහි ගොස් නිරීක්ෂණය කර පැමිණීමෙන් කිසිම පලක් නැත.

රටේ උරුමයන් ආරක්ෂා කරන බව පවසා බලයට පත් වූ අයම උරුමයන් තුරන් කරයි. මෙසේ කිරීමටද රටේ ජනතාව රජයට නියෝග කළේ? වග කිව යුතු විපක්ෂයක් ලෙස අප මෙය සම්බන්ධයෙන් රටේ ජනතාවට පැහැදිලි කිරීමත් සමඟ, පාර්ලිමේන්තුවේ ද මේ සඳහා වාද කරන්නෙමු. එපමණක් නොව මෙවැනි ක්‍රියාවන්ට විරුද්ධව සුදුසු නීතිමය ක්‍රියාමාර්ගයන් ද ගනිමු.

ව්‍යවස්ථාව

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ද රජය තීරණය කර ඇත. එය අහෝසි කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? 19 හි ප්‍රජාතන්ත්‍රවාදී රටකට තිබිය යුතු ලක්ෂණ බොහොමයක් අඩංගු වී ඇත. එහි කුමක් හෝ ගැටළුවක් හමු වුවහොත් ඒවා නිවැරදි කළ යුතු අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකළ යුතුය.

මෙය අහෝසි කර 18 වන ව්‍යවස්ථාව ගෙන ඒමට රජය උත්සාහ කරයි. ඒ සමඟම, ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ විධිවිධාන ද ඉවත් කරනු ලැබේ. රජය විසින් ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනයෙහි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තියට හා රටේ ජනතාවට බලපෑම් ඇති කරන ලෙසට විධිවිධාන ඇතුළත් නොකළහොත්, අප එයට සහයෝගය ලබා දෙන බවද ඔහු පැවසීය.

https://www.youtube.com/watch?v=GW62rTxetEU

සම්පූර්ණ වීඩියෝව පහතින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *