ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන තත්වයට මමත් වගකිව යුතුයි – හිටපු ජනාධිපති චන්ද්‍රිකා

හිටපු ජනාධිපති චන්ද්‍රිකා

හිටපු ජනාධිපති චන්ද්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් තමන්ද වගකිව යුතු බවත් පක්ෂයේ වත්මන් තත්වය ගැන තමා කණගාටු වන බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පවසා ඇත.

ඒ තමා සිදු කල කාර්යයක් සම්බන්ධව නොව, සිදු නොකල කාර්යයක් සම්බන්ධයෙන් තමා හට එලෙස හිතට දැනෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය නිමිත්තෙන් පල කළ විශේෂ ප්‍රකාශයක ඇය පවසා ඇත.

ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියේ,

මම අවුරුදු 9 ක් තිස්සේ දේශපාලනයේ නියැලුනේ නෑ. දේශපාලනයට එන්නෙ නෑ කියා පැහැදිලි මතයක හිටියා. නමුත් අපවත් වූ මාදුලුවේ සෝභිත හිමි ඇතුළු තවත් පිරිසකගේ බලවත් ඉල්ලීම මත 2015 දී මම නැවත දේශපාලනයට ආවා. ඒ අවස්ථාවේ රටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ මුඛයට යෑම වලක්වා ගන්න පුළුවන් කියලා මම හිතාගෙන සිටියා.

2015 දී තේරී පත්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවකට පැවති ආණ්ඩුවේ සියලු සැලසුම් සම්පූර්ණයෙන්ම විනාශ කළ බව පැවසූ ඇය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂයක් විනාශ කළ නොහැකි බවත් නැවත එම පක්ෂය ගොඩ නැගීමට තරුණ පරම්පරාවක් බිහිකිරීමට කැප වී සිටින බවත් ඇය තවදුරටත් පවසා සිටියාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *