සිංහරාජය නම් සංවර්ධනය! විල්පත්තුව නම් ජාතිවාදය! – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන්

කාදි උසාවි ක්‍රමයේ වරදක් ඇති නම් එය ප්‍රතිසංස්කරණය කර ස්ථාපිත කළ යුතු මිස එය අහෝසි කිරීම යහපත් තීරණයක් නොවනු ඇත; මුස්ලිම් දේශපාලන පක්ෂයන්ගේ නිහැඩියාව කණගාටුවට කාරණයක් – ඉම්රාන් මහ්රූෆ්

කාදි උසාවි ක්‍රමයේ වරදක් ඇති නම් එය ප්‍රතිසංස්කරණය කර ස්ථාපිත කළ යුතු මිස එය අහෝසි කිරීම යහපත් තීරණයක් නොවනු ඇත; මුස්ලිම් දේශපාලන පක්ෂයන්ගේ නිහැඩියාව කණගාටුවට කාරණයක් – ඉම්රාන් මහ්රූෆ්

සිංහරාජ ප්‍රදේශයේ සංවර්ධනය ලෙස බලන දේ විල්පත්තුවට ජාතිවාදයක් ලෙස බැලූ බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහ්රූෆ් මහතා විසින් කින්නියා ප්‍රදේශයේ පැවති හමුවකදී ප්‍රකාශ කර සිටියේය.

සිංහරාජ වනාන්තර ප්‍රදේශයක් හරහා මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කිරීමත් සමග මතුවූ මතභේදයකින් පසුව, ජනාධිපතිවරයා එම ස්ථානයට ගොස් එම මාර්ගයේ ඉදිකිරීම් දිගටම කරගෙන යාමට අවසරය ලබා දුන්නේය.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ජීවත් වන ජනතාවට ලැබෙන සංවර්ධනය විල්පත්තුව ආශ්‍රිතව වෙසෙන ජනතාවට අහිමි වී තිබේ. යුද්ධයෙන් අවතැන් වූ ජනතාව තමන්ගේ ස්ථානවල නැවත පදිංචි කළ විට ඔවුන් විල්පත්තු වනාන්තරය විනාශ කරනවා යැයි පැවසූ පුද්ගලයින්ම දැන් සිංහරාජ වනාන්තරයට හානියක් නොවන අයුරින් පාර සැකසිය හැකි බව පවසති. වනාන්තරයට හානියක් නොවන පරිදි මාර්ගය සකස් කළ හැකි නම්, වනාන්තරයට හානි නොකර ජනතාව නැවත පදිංචි කළ හැකිය.

පැවැත්වූ මැතිවරණ සියල්ලෙහිම විල්පත්තුව උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්ට එරෙහිව මඩ ගසා ඡන්දය ලබා ගත් අයවලුන්ම අද සිංහරාජයෙහි පාර සකස් කරමින් සිටිති. ජනාධිපතිවරයා සිංහරාජය වෙත ගොස් ප්‍රදේශයේ ජනතාවට මාර්ගයක් අවශ්‍ය දැයි විමසූ ලෙසම විල්පත්තු ප්‍රදේශයට ගොස් එහි සිටින ජනතාවගෙ මතය ද විමසිය යුතු බව ඔහු පැවසීය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *