වසර 9 ක් තුළ වතු කම්කරුවන් 68,000 ක් අතුරුදහන්

මහින්දගේ රුපියල් 1000 පුස්සක්ද? සමාගම් ප්‍රතික්ෂේප කරයි?

මහින්දගේ රුපියල් 1000 පුස්සක්ද? සමාගම් ප්‍රතික්ෂේප කරයි?

පසුගිය යහපාලන රජය පවතින කාලයේ දක්නට ලැබූ වැවිලි කර්මාන්ත හා අපනයන කර්මාන්ත අමාත්‍යංශයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව, ලබාගත් තොරතුරු හරහා පසුගිය වසර නවය තුළ තේ, පොල් හා රබර් වගාවන් වගා කිරීම සඳහා ඇති පෞද්ගලික වතු සමාගම් 23 ක සේවය කරන වතු කම්කරුවන්ගේ සංඛ්‍යාව 68,000 කින් පහත වැටී තිබීම දැක ගත හැකි වී ඇත.

මීට අමතරව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව ලබා දුන් පිළිතුරේ සඳහන් වූයේ හලාවත සහ කුරුණගල වතු සමාගම් දෙකක් තේ නිෂ්පාදනයේ නිරත නොවන බවත්, අක්කරපතන සහ හලාවත වතු සමාගම් දෙකක් රබර් නිෂ්පාදනයේ නිරත නොවන බවත්, අක්කරපතන, මතුරට සහ මඩොල්සිම යන වතු සමාගම් තුනක් පොල් වගාවට සම්බන්ධ නොවන බවත් අනාවරණය වී තිබේ.

පසුගිය 2009 දී, වතු සමාගම් 23 කම කම්කරුවන් දෙලක්ෂ හාරසිය තිස් නවයක් සේවය කළ අතර, 2018 වර්ෂය තෙක් ලැබී ඇති තොරතුරු අනුව එම වර්ෂය වනවිට සේවයේ යොදවනු ලබන්නේ එක් ලක්ෂ තිස් දෙදහස් හාරසිය හතළිස් පහක් පමණි.

මේ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට ප්‍රකාරව ලබා දුන් පිළිතුර මත පසුගිය වසර නවය තුළ කම්කරුවන් 68,000 කින් අඩුවී ඇතිබව පෙනී යයි.

-Tamilmirror

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *