(Photos) මෙරට දෙවන විශාලතම දාගැබ : ධම්ම රාජික මහා දාගැබට මුල් ගල් තැබෙයි

0
ධම්ම රාජික මහා දාගැබ

ධම්ම රාජික මහා දාගැබ

වසර දෙදහසින් පසු මෙරට ඉතිහාසයට එකතුවන දෙවන විශාලතම ස්ථූපය නිර්මාණය සඳහා ඊයේ (30) පෙරවරුවේ රිටිගල කඳුවැටිය ආසන්නයේ මුල්ගල් තැබිණි.

මරදන්කඩවල තෝරුවැව ගම්මානයේ පිහිටි ඉසිපතන ආරණ්‍ය සේනාසන භුමියේ අඩි 152ක් උසින් හා අඩි 100ක විශ්කම්භයෙන් යුතු එම ස්ථූපය ‘ධම්ම රාජික ස්ථූප රාජයාණන් වහන්සේ‘ නමින් වසර හතක් ඇතුළත වැඩ නිමවා කොත නිරාවරණය කිරීමට නියමිතය.

රුවන්වැලි මහසෑයේ හැඩයෙන් බුබ්බුලාකාරව හා එහි අභ්‍යන්තරයේ මෙන් තඔ ලෝහයෙන් නිර්මිත රන් ආලේපිත පත්‍රවල සියලු තොරතුරු තැන්පත් කිරීමද අපේක්ෂිත ය.

කොළබිස්සේ විමුක්ති රතන හිමියන්ගේ සංකල්පයක් අනුව ඒ සඳහා මුල්ගල ගැබීමේ මංගල මහෝත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කලාවැව සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා කලාකරඹෑව විද්‍යාධාර මහ පිරිවෙනේ පරිවේණාධිපති කලකරඹෑවේ ධම්මකිත්ති නාහිමියන් ඇතුළු මහ සඟරුවනගේ මුගලිකත්වයෙන් සිදුවිය.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන ,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ.පී.එස්.කුමාරසිරි , උද්දික ප්‍රේමරත්න සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතුන් ඇතුළු ප්‍රභූ පිරිසක් ද ඊට එක්වූහ. සිය ගණනක් භික්ෂු භික්ෂුනීන්ද දහස් සංඛ්‍යාත ගිහි සැදැහැවතුන් ද එක්ව රන් රිදි මුතු මැණික් ආදී නිධන් වස්තු තැන්පත් කරමින් මෙම පූජෝත්සවයට දායක වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com