පන්ඩුල නයන බන්ඩාරගේ “දයාබර රජේ”….

පන්ඩුල නයන බන්ඩාරගේ "දයාබර රජේ"

පන්ඩුල නයන බන්ඩාරගේ "දයාබර රජේ"

යම්කිසි දේශීය කර්මාන්තයක් වැසීගෙන යනවනං, ප්ලීස් ඒ කර්මාන්තෙ වැසීගෙන යන්න ඉඩ දෙන්න. ඒක එහෙම වෙන්නෙ හේතුවක් උඩ. මිනිස්සු ආදේශක භාණ්ඩ වලට යොමු වෙන්නෙ භාවිතාවේ පහසුව, ලාභය, ඉක්මන වැනි විවිද සාධක මත. දේශීයව නිපදවෙන ඒ භාණ්ඩය අභිබවා විදේශීය ආදේශකය භාවිතාවට පහසුයි නම්, ලාභයි නම් මිනිස්සු ඒ ආදේශකය දෝත පුරෝලා බදාගන්නව. ලෝක ප්‍රවණතාව අනුව මිනිස්සු වෙනස් වෙනව.
ඒක නතර කරන්න ඔයාල දන්නෙ ක්‍රම දෙකයි. එකයි ආනයනික විදේශීය භාණ්ඩයේ බදු ඉහල දැමීම තුලින් දේශීය භාණ්ඩයේ මිළට වඩා වැඩි මිළක් දැමීම….
සහ
දයාසිරි ලෙවල් එකේ, දේශීය මෙව්ව එකක් ගැනීම අනිවාර්‍ය කිරීම (රජේ නිළදාරීන්ට සතියට දවසක් බතික් ඇඳුමක් ඇඳීම අනිවාර්‍ය කරල නීතියක් ගේන්න යනවලු….)
ඔයාලගෙ මේ ඊනියා ඔලමොට්ටල දේශීය අම්මගෙ වස්තරේ ප්‍රතිපත්තිය තුලින් රටට වෙන සෙතක් නෑ. තාවකාලිකව රටේ දේශීය කර්මාන්තය පිබිදුනා වගේ පෙනුනට ඒකෙං වෙන ප්‍රධාන අවාසි 2 ක් තියෙනව.
1. පාරිභෝගිකයාට අනවශ්‍ය වියදම් දැරීමට සිදු වීම මගින් පවුලකට ඉතා ප්‍රයෝජනවත් දේ කිරීමට ඇති මුදල් ප්‍රමානය අවම වීම.
2. ලෝකයේ නව ප්‍රවණතාවන් හඳුනාගෙන ඒ ආශ්‍රයෙන් කර්මාන්ත සේවා සැපයීම් වෙනුවට රටේ ශ්‍රම බලකාය යල්පැන ගිය කර්මාන්ත වල හිරවී සිටීම තුලින්, ලෝක වෙළඳපොලෙන් අපට සැබෑවටම අත්පත් කරගත හැකි පංගුව (මතක විදියට වර්ඩ් එක සාපේක්ශ වාසිය) කුඩා වීම.
මේ දෙකෙන් දරුණුම දේ දෙවෙනි එක. අපේ උං සදාකල් මැටි හට්ටියෙං කකා බතික් සරං ඇඳ ඇඳ ඉන්නකොට, වැසීයන කර්මාන්ත වලට ආණ්ඩුවේ බලහත්කාරයෙන් නව ශ්‍රම බලාකයන් හැදෙනකොට, අපිට තොරතුරු තාක්ශණය වැනි සාපේක්ශ වාසිය ඉහලම කර්මාන්ත වලට යොමු වෙන ශ්‍රම බලකාය අඩු වෙනව. අවුරුදු කීපයක් යනකොට අපි දේශීය කර්මාන්තෙ, මෙච්චර නගාසිටෙව්ව අච්චර නගාසිටෙව්ව ගගා ඇමතිල ටික පම්පෝරිනං ගහයි. ඒත් ඒ නගාසිටවපු කර්මා න්තෙට අන්තිමේදි ගෙවල තියෙන්නෙ රටේම ඉන්න එකාල තමයි. ලෝක ප්‍රවණතාව හඳුනාගෙන අපිට සාපේක්ශ වාසිය ගෙනදෙන කර්මාන්තයන් වලට යොමු නොවීම තුලින් අපිට අහිමි වන ධනය ඔය පෙන්නන නගාසිටුවිල්ලට වඩා දුසිම් ගනනක් වැඩි වෙන්න පුලුවං….
එනයින් රජේ….
ප්ලීස්…
බතික් කර්මාන්තෙට හෙන ගැහිලනං තියෙන්නෙ ඒකට එකම හේතුව බල්ලෙක්වත් බතික් අඳින්නෙ නැති එක. ඒකට රජේ සේවකයන්ට එක දවසක් බතික් අන්දන්න නීති හදල අපේ මිනිස්සුංගෙ සල්ලි නාස්ති කරන්න එපා….
පිත්තල කර්මාන්තෙට හෙන ගැහිලනං තියෙන්නෙ ඒකට හේතුව අලුත් පරම්පරා වල උං පිත්තල කෙංගෙඩියක්වත් ගන්න සහලෝල අකමැති වීම.
උළු කර්මාන්තෙට කෙල වෙලානම් ඒක වෙලා තියෙන්නෙ උළු වලට වඩා ලාභ, පහසු, කල්පැවැත්ම වැඩි ඇස්බැස්ටෝස්, අමානෝ ශීට් වගේ අයිටම් වලට මිනිස්සු යොමු වීම.
මැටි කර්මාන්තෙනං තාම එහෙං මෙහෙං වෙනව. හැබැයි ඇලුමිනියං එකෙං කාපුවම පිලිකා හැදෙනව ගගා දාර නයි ඇරල, මිනිස්සුන්ට දෙයියනේ කියල අවුරුදු 20ක් වත් පාවිච්චි කරන්න පුලුවං ඇලුමිනියං වලට බදු ගහල අවුරුදු දෙකෙං තුනෙං කුඩු පට්ටං වෙන වළං කටු විකුනගන්න හදන්න එපා…
අපේ රීරි මාංශෙ උරාබීල අපිටම ගනං පෙන්නන්න එපා.අලුත් පරම්පරාවල් වලට, ලෝකෙම ඉල්ලන අලුත් කර්මාන්ත/සේවා හදල දෙන්න.
ප්ලීස්….

-පන්ඩුල නයන බන්ඩාර-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *