ඔබ මොනවද කරන්නේ ? මම මන්ත්‍රීවරයෙක් – සුනිල් හඳුන්නෙත්ති

ණය අර්බුදයෙන් මිදීම සඳහා රාජ්‍ය වත්කම් විකිණීමට තල්ලු වී ඇති රජය

ණය අර්බුදයෙන් මිදීම සඳහා රාජ්‍ය වත්කම් විකිණීමට තල්ලු වී ඇති රජය

මම අභ්‍යන්තර පුහුණු වෛද්‍යවරයෙකු ලෙස 2009 දී ජයවර්ධනපුර රෝහලට බැඳුනෙමි.
එදා දවස කාර්යබහුල දවසක්. බැලීමට ඇති ඇඩ්මිෂන් ෆයිල් ගොඩක් ඉදිරියේ තිබුණි. එක්කෙනා බැගින් මාගේ මේසය ළඟට කැදවා පරීක්ෂා කරමින් සිටියෙමි. ඔහුගේ වාරය පැමිණියේය.
හඬ නඟා අඩගැසූ විට ඔහු පැමිණ මා අසල පුටුවේ වාඩි විය.

“වයස?”
ඔහු පිළිතුරු දුන්නේය.
“ඔබ මොනවද කරන්නේ ?”
“මම මන්ත්‍රීවරයෙක්”
“වට්?”
“මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්”

එය පොදුවේ සියලු රෝගීන් රැදීසිටින තැනක්. කිසිදු ආඩම්බර කමක් නැත. ඔහු වෙනත් රෝගීන් සමඟ එහි රැදී සිටියේය. මා පැමිණ බොහෝ වේලාවක් ගත වී ඇතත් තවමත් ඇයි බැලුවෙ නැත්තේ කියා කෙදිරි ගෑවේද නැත.
“සුනිල් හඳුන්නෙත්ති” මෙවර පරාජයට පත්ව ඇත. සරලව සිටින්නන්ව ජනතාව එතරම් ලොකුවට පිළිගන්නේ නැත. සෑම විටම මිනිස්සුන් උජාරුවට සිටින්නන්ව තමයි පිළිගන්නේ.

Sivachandran Sivagnanam
doctor
Base Hospital Point Pedro Manthikai

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *