මං කවදාවත් රාජ්‍ය ඇමතිකම් දරා නෑ.. බොරු ඇමතිකම් මට එපා.. මං බාර ගන්නේ නෑ – විජයදාස රාජපක්ෂ

"ඒ ඔක්කොම ගැන CID එකේ පරීක්ෂණයක් කරල දුන්න වාර්තාවක් මගේ ළඟ තියෙනවා" - විජේදාස ගැන CID රහස් ලිපිගොනුවක් ජනාධිපති ළඟ

"ඒ ඔක්කොම ගැන CID එකේ පරීක්ෂණයක් කරල දුන්න වාර්තාවක් මගේ ළඟ තියෙනවා" - විජේදාස ගැන CID රහස් ලිපිගොනුවක් ජනාධිපති ළඟ

තමන් කිසිදිනෙක කැබිනට් ඇමතිකමක් මිස රාජ්‍ය ඇමතිකමක් දරා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා දුරකතනයෙන් අමතමිනි.

ඔහුට නම් කර ඇත්තේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති කම බව දැනගත් පසු ජනාධිපති උපදේශක වරයා අමතමින් ඔහු මේ බව කියා ඇත.

රාජ්‍ය ඇමතිවරුන් සඳහා කිසිදු ආයතනයක් ගැසට් පත්‍රයක් මගින් පවරා නැති බවද විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කර තිබේ.

තමන්ට බොරුවට ඇමතිකම් අවශ්‍ය නැති බවත් එවන් ඇමතිධුර තමන් බාර ගන්නේ නැති බවත් පවසමින් ඔහු එහිදී සඳහන් කර ඇත.
-lankacnews-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *