දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක්! සිසුන් ඉලක්ක කරගත් වැඩ පිළිවෙලක් හෙළිදරව් වේ..

සිසුන් ඉලක්ක කරගත් වැඩ පිළිවෙලක් ගැන හෙළිදරව්වක්

සිසුන් ඉලක්ක කරගත් වැඩ පිළිවෙලක් ගැන හෙළිදරව්වක්

දෙමව්පියන් වෙත අනතුරු ඇඟවීමක්!
සිසුන් ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල –
පොලීසිය හෙළිදරව් කළ විශ්මජනක පුවත…

කොළඹ නගරයෙහි ඇති උසස් පාසැල්වල සිසුන් ඉලක්ක කර ගෙන ව්‍යාජ ඉන්හෙලර් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බව හෙළිදරව් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා , මත්ද්‍රව්‍ය අඩංගු ඉන්හේලරයක් සිසුන් හට රු. 15000කට විකුණන බවට, පොලිස් මූලස්ථානයේ ඊයේ දින (15) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඔහු තව දුරටත් කියා කර සිටියේ,

මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් තම දරුවන් බේරා ගැනීම සඳහා දෙමාපියන් අවධානයෙන් කටයුතු කරන ලෙසත්, පාසැල් සිසුන් සම්බන්ධව ගුරුවරුන්ද අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු හමුවුවහොත් එය 1997 යන අංකයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයකට හෝ දැනුම් දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.

කොළඹ නගරයෙහි ඇති උසස් පාසැල් ඉලක්ක කර ගෙන, එහි අධ්‍යාපනය ලබන සිසුන් වෙත ඉතා සූක්ෂම අන්දමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය විකුණනු ලබන බවට තොරතුරු ලැබී ඇත.

ඇදුම රෝගීන් භාවිතා කරනු ලබන ඉන්හේලර් වැනි ද්‍රව්‍යයන්හි මත්ද්‍රව්‍ය යොදා විකුණනු ලබන බවට පොලීසියට ලැබී ඇති ආරංචි පරිදි විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

පාසැල් සිසුන් දෙදෙනෙකු ළඟ තිබී මෙවැනි මත්ද්‍රව්‍ය අඩංගු ඉන්හේලරයක් ඔවුන්ගේ දෙමාපියන් සොයා ගෙන ඇති අතර, මෙය සම්බන්ධව පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලදී.

මෙවැනි ඉන්හේලර් අනුමැතිය සහිතව නිෂ්පාදනය කරන බැවින්, ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ ඉන්හේලර් මඟින් මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බව සොයා ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *