අමානා බැංකුවෙන් වසර 10 ක් දක්වා ආපසු ගෙවීමේ පදනම මත රුපියල් මිලියන 3 ක් දක්වා මූල්‍ය පහසුකම්

අමානා බැංකු

අමානා බැංකු

රජයේ ගුරුවරුන් සහ කථිකාචාර්යවරුන් විසින් ප්‍රජාවට කරන ලද සේවය අගයමින් අමානා බැංකුව විසින් සපයනු ලබන අරමුදල රුපියල් මිලියන 3 ක් දක්වාද ආපසු ගෙවීම් කාලය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මාසික වැටුප අනුව පහසුවෙන් වාරික මුදල් ලබා ගැනීමට උපකාරීවන පරිදි අවුරුදු 10 දක්වා ණය කාල සීමාවද වැඩි කර තිබේ.

මෙම පහසු මූල්‍ය පහසුකම හරහා ඇප රහිතව නිවාස, ඉඩම්, ඉදිකිරීම් ද්‍රව්‍ය, වාහන, සූර්ය පැනල, ගෘහ භාණ්ඩ හා පෞද්ගලික භාණ්ඩ මිලදී ගත හැකිය.
මේ පිළිබඳව අදහස් දැක්වූ අමානා බැංකු පාරිභෝගික මූල්‍ය පහසුකම් අංශයේ ප්‍රධාන විධායක නිලධාරී රාමක්‍රිෂ්ණන් කිරුබාහරන්,

‘මේ රටේ තරුණ පරපුරේ සහ අනාගත පරපුරේ දැනුම හා ජීවිතය මෙහෙයවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ගුරුවරුන්ට සහ කථිකාචාර්යවරුන්ට මෙම සේවාව ලබා දීම ගැන අපි ආඩම්බර වෙමු. මෙමගින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය වැඩි කිරීමට සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට මෙම යෝජනා ක්‍රමය ඉවහල් වන බව ඔහු තවදුරටත් පැවසීය.

‍මෙම මූල්‍ය පහසුකම පිළිබඳ වැඩි විස්තර සඳහා 011 7 756 756 යන අංකයට අමතන්න. නැතහොත් www.amanabank.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

-තිනහරන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *