කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 7ක් අවධානම් කලාප ලෙස නම් කෙරේ…

කොළඹ

කොළඹ

ඩෙංගු වසංගතය පැතිර යාමේ අවධානම් කලාප ලෙස ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හතක් නම් කර ඇති බවට, ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ මහතා දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ,

රට තුළ වර්තමානයේ අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින බවත්, මෙම තත්ත්වය මත ඩෙංගු වසංගත බලපෑම වැඩි වීමක් සිදු විය හැකි බවත් ය.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කයන්හි ඩෙංගු වසංගතය පැතිරීමේ අවධානම වැඩි විය හැකි බව නිරීක්ෂණය කළ හැක.

තවද, මෙම වසරේ මේ දක්වා වූ කාලපරිච්ඡේදය තුල පුද්ගලයන් 23,934 දෙනෙකු ඩෙංගු වසංගතයෙන් පීඩාවට පත් වී ඇති බව ද ඔහු පෙන්වා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *