IDH රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගි සැකකරු සෙවීමට පොලීසිය මහජන සහය පතයි (Updated)

ප්‍රතිකාර ලබමින් සිටිය දී අයි ඩී එච් රෝහලේ අද උදෑසන පිටවී ගිය රෝගියෙකු පිළිබඳව තොරතුරක් ඇත්නම් පොලීසියට දන්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

ප්‍රතිකාර ලබමින් සිටිය දී අයි ඩී එච් රෝහලේ අද උදෑසන පිටවී ගිය රෝගියෙකු පිළිබඳව තොරතුරක් ඇත්නම් පොලීසියට දන්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, 41 වන වියේ පසුවන එල්සියාම් නසීම් නමැති එම සැකකරු වල්ලිමලර්, ත්‍රිකුණාමලය පදිංචිකරුවෙකු බවයි.

අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවත් , වම් පාදයේ අබාධයක් ඇති බැවින් ඇවිදින විට අපහසුතා ඇතැයි ද පොලිසිය පැවසී ය.

පැන ගිය කොරෝනා ආසාදිතයා සොයා ගනී (Update on 10.40 AM 24/07/2020)

මෙම කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර සොයා ගෙන තිබේ.

කොළඹ ජාතික රෝහල අසළ දී මෙම පුද්ගලයා ව සොයා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *