සියලු විශ්‍රාමිකයින්ට අගමැතිගෙන් අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ

සියලු විශ්‍රාමිකයින්ට අගමැතිගෙන් අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ

සියලු විශ්‍රාමිකයින්ට අගමැතිගෙන් අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින සියලු විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඊයේ (22) ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ලක්‍ෂ හයක් පමණ වන විශ්‍රාමිකයින්ට මෙම ප්‍රතිලාභය හිමිවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මෙතෙක් අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභය හිමිවූයේ 2016 ජනවාරි 01 වැනිදායින් පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට පමණක් වන අතර ඒ අනුව එම ප්‍රතිලාභය හිමිවූයේ සමස්ත විශ්‍රාමිකයින්ගෙන් සියයට 10ක් තරම් සුළු පිරිසකට පමණි.

ඉන් පෙර විශ්‍රාම ගිය ලක්‍ෂ හයකට පමණ මෙම රක්‍ෂණයට දායකවීමේ අවස්ථාවක් ලැබී නොතිබූ අතර ඔවුන්ටද එය ලබාදීමට මෙලෙස අනුමැතිය හිමිවූ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය තවත් පුළුල් කරමින් සියලු විශ්‍රාමිකයින්ට වඩා උසස් ජීවන මට්ටමක් ලබාදීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

රජයේ සේවකයන්ට හා සියලු විශ්‍රාමිකයන්ට ඉහළ ගුණාත්මයෙන් යුත් විශේෂ සෞඛ්‍ය සේවා ක්‍රමයක් සැකසීම සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි රජයේ ප්‍රමුඛ රෝහල්වල ඔවුන් සඳහා වන විශේෂ වාට්ටු ස්ථාපනය කිරීම, එවැනි වාට්ටුවලට ඇතුළු වන විට අග්‍රහාර රක්‍ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම ආදි යෝජනා කෙරෙහි ද රජයේ අවදානය යොමු වී තිබේ.

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් ද අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කර ඇති අතර බොහෝ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප රුපියල් 20,000ට අඩු අගයක් ගන්නා බවද මෙහිදී හෙළි වී ඇත. එබැවින් විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙස ජාතික වැටුප් කොමිසමට දැනුම්දීමට ද අමාත්‍ය මන්ඩලය තීරණය කර තිබේ.

– ලංකාදීප (ඩයනා උදයංගනී) –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *