ඉරාජ ගේ වීඩියෝව සහ ඇත්ත වශයෙන්ම පවතින ජවිපෙ දේශපාලනය!!!

ඉරාජ ගේ වීඩියෝව සහ ඇත්ත වශයෙන්ම පවතින ජවිපෙ දේශපාලනය

ඉරාජ ගේ වීඩියෝව සහ ඇත්ත වශයෙන්ම පවතින ජවිපෙ දේශපාලනය

ඉරාජ ගේ වීඩියෝව මට වැදගත් වන්නේ එය අනුරට මඩ ගහනවා යන අර්ථයෙන් නොව. මා හිතන ආකාරයට එහි එහෙමට මඩක් නැත. මට එය වැදගත් වන්නේ පොහොට්ටු ව්‍යාපෘතිය ජවිපෙට දේශපාලන වශයෙන් අභිමුඛ වීමට තෝරාගෙන ඇත මාවත සම්බන්ධයෙන් එය අපට පැහැදිළි ඉඟියක් සැපයීමයි. ඉරාජ යනු දිලිත් ජයවීර මෙන්ම පොහොට්ටු ප්‍රචාරක ව්‍යාපෘතියේ කේන්ද්‍රයේ සිටින්නෙකි. මෙහි වැදගත් කම ඇත්තේ එතැනයි.
අනෙක මේ වීඩියෝව තුළ ජවිපෙ පිළිබඳව මවනා ස්ටීරියෝ ටයිප් චිත්‍රයයි. එහි ජවිපෙ සාමාජිකයා යනු නාන්නෙ දත්මදින්නේ නැති අපිරිසිදු හිඟන්නෙකි. මෙය 1970 ගණන්වල ජවිපෙ ක්‍රියාධරයින්ගෙ දරිද්‍රභාවය නිසා ඇති වූ අදහසකි. විශ්වවිද්‍යාල වල දේශපාලන ක්‍රියාධරයින් සම්බන්ධවත් මෙවැනි අදහස් ඇත. ඒ චිත්‍රය දැන් ජවිපෙට වඩා අදාළ වන්නේ පෙසප ශිෂ්‍ය ක්‍රියාධරයින්ටයි.
කෙසේ වෙතත් ඉරාජ් නොදන්නා දේ තිබේ. පෙසප හෝ ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාධරයින් ඔය වැනි ම පිරිසක් නොවේ. මේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් වල නිරත වන පිරිස් වලට ඒ හරහා ලැබෙන පුහුණුව නිසාම පුද්ගලික අංශයේ පවා රැකියා ලබා ගැනීමේ හැකියාව ඇත. තුන් හාර දහසක් රටේ විවිධ ප්‍රදේශවලින් කොළඹට ගෙන්වා පොලිස් මර්ධනය සමඟ ගැටෙන නිරන්තර උද්ඝෝෂණ සංවිධානය කිරීම හරහා ලැබෙන පුහුණුව සුළුපටුද?
මම පසුගිය කාලයේ අවස්ථා ගණනාවක් ජවිපෙ මූලස්ථානයට ගොස් ඇත. එය මා මගේ ජීවිත කාලය තුළ දැක ඇති පිරිසිදුම පිළිවෙළකට පවත්වාගෙන යන පරිශ්‍රයක් යැයි කිවහොත් එය නිවැරදිය. ඇත්ත වශයෙන්ම ඒ පිළිවෙල මට දරාගත හැකි ප්‍රමාණයටත් වඩා වැඩිය. ස්ථානය පිරිසිදුය, ආහාර පිසීම මෙන්ම බෙදා දීමද පිරිසිදුව පිළිවෙළකට සිදුවේ. පිරිවැය අඩු කෑ වේලක් රසවත්ව සහ ප්‍රිය උපදවන සුළු ලෙස ලැබේ. සැමදෙනාම ස්වේච්ඡාවෙන් ස්ථානය පිළිවෙළට පවත්වාගෙන යාමට දායක වෙති. ඒ දර්ශනය සහ ඉරාජ්ගේ වීඩියෝව මගින් මවන චිත්‍රය අතර ඇත්තේ ආලෝක වර්ශ ගණනාවක දුරකි.
ජවිපෙට විවේචනයක් අවශ්‍ය වේ. නමුත් පොහොට්ටුවට ඒ සඳහා ඇත්තේ ඉරාජ ගේ මාවත නම් එය ඛේද ජනකය.

Nirmal Dewasiri

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *