ජනපතිට විජිත හේරත්ගෙන් ද අභියෝගයක් .. “අගෝස්තු 05වැනිදාට පෙර MCC ගිවිසුම ගැන රටට කියන්න”

අගෝස්තු 05වැනිදාට පෙර MCC ගිවිසුම ගැන ස්ථාවරය රටට කියන ලෙස අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා…

අගෝස්තු 05වැනිදාට පෙර MCC ගිවිසුම ගැන ස්ථාවරය රටට කියන ලෙස අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා…

අගෝස්තු 05වැනිදාට පෙර MCC ගිවිසුම ගැන ස්ථාවරය රටට කියන ලෙස අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා… – විජිත හේරත්

“එම්.සී.සී. ගිවිසුම ගැන දැන් රටේ ජනතාවගේ බලවත් විරෝධය මතුවෙලා තියෙනවා. ජනාධිපති දැන් තමන්ගේ ස්ථාවරය රටට පැහැදිළි කළ යුතුයි. අපි අභියෝග කරනවා පුළුවන්නම් මැතිවරණයට පෙර එහෙම කරන්න කියලා. මේ ගිවිසුම ලංකාවට අවශ්‍ය නැහැ කියලා පුළුවන්නම් ඇමරිකාවට ලිඛිතව දෙන්න කියලා. දැන් ආණ්ඩුවේ ඇමතිවරු එක එක බොරු කතා මේ ගැන කියනවා. නමුත් ඇමරිකානු තානාපතිවරිය කියනවා, ඡන්දෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කරන්න මේ ආණ්ඩුව එකඟ වුණයි කියලා. එදා ඇක්සා ගිවිසුම අත්සන් කළේ ගෝඨාභයයි, රොබට් ඕ බ්ලේක් දෙන්නයි එකතු වෙලා. එහෙම කළ ගෝඨාභය මෙම ගිවිසුම අත්සන් නොකරයි කියලා තිබෙන සහතිකය කුමක්ද? රටේ ජාතික ආරක්‍ෂාවට ඒ වගේම ස්වෛරීත්වයට හානිකර මේ ගිවිසුම වහාම නතර කරන්න කියලා ජාතික ජන බලවේගය හැටියට අපි බලකර සිටිනවා.” යැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් මහතා අවධාරණය කළේ ය.

ඒ මහතා මේ බව අවධාරණය කර සිටියේ ගිය සතිය බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකා ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික ඉක්‍රම් කාදර් මහතාද එක්වී සිටි අතර.

තවදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා..

අගෝස්තු 05වැනිදාට පෙර MCC ගිවිසුම ගැන ස්ථාවරය රටට කියන ලෙස අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා…“පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ කථා කළ ප්‍රධාන මාතෘකාවක් වූයේ එම්.සී.සී. ගිවිසුමයි. තමන් බලයට ඇවිත් පැය 24කින් මේ ගිවිසුම කුණු බක්කියට දානවා කියලා රාජපක්‍ෂවරු හා ඔවුන්ගේ මැති ඇමතිවරු කිව්වා. මේක කැබිනට් එකේ අනුමත කළේ 2019 ඔක්තෝබර් 30වැනිදා. ඉන් පසු ජනතා විරෝධය ඊට එරෙහිව එන විට රජපක්‍ෂ ආණ්ඩුව තීරණය කර මෙම ගිවිසුම පරීක්‍ෂා කර බලන්න කමිටුවක් පත් කළා. එම කමිටු වාර්තාව ප්‍රමාදවී වුවද එළිදක්වන්න සිද්ධ වුණා. අපි ආණ්ඩුවට බල කළා ඒ පිළිබඳව පූර්ණ වාර්තාවක් දෙන්න කියලා. ජූලි 25වැනිදා එම වාර්තාව එළිදැක්වූවා. ඉන් පසු ජූලි 01වැනදා කැබිනට් මණ්ඩලයට එය ලබාදීලා කිව්වා සති දෙකකින් තම තමන්ගේ සමාලෝචන ඉදිරිපත් කරන්න කියලා. ඉන් පසු එම සමාලෝචන කාලය 22වැනිදා දක්වා දීර්ඝ කළා. මෙසේ කල් මරන්නේ වෙන කිසිවකටත් නෙවෙයි, ඡන්දෙන් පස්සේ ගිවිසුම අත්සන් කරන්න වාතාවරණය හදාගන්න. වගකිව යුතු රජයක් නම් රජය මේ පිළිබඳව වහාම නිල ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි.

එම්.සී.සී. ගිවිසුමේ කොන්දේසිවලට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂාවට හානිවන කිසිවක් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකියි. එහෙම වුවහොත් මෙම ගිවිසුමෙන් ඒක පාර්ශ්විකව ඇමරිකාවට ඉවත් විය හැකියි. ඒ වගේම ඇමරිකානු ආරක්‍ෂක අංශ හෝ නිලධාරීන් ලංකාවට පැමිණ සිදු කරන කටයුතු සම්බන්ධ ලංකා රජයට මැදිහත් විය නොහැකියි.

2017දී මෙවැනි එම්.සී.සී. ගිවිසුමක් නේපාල රජයත් එක්ක අත්සන් කළා. ඒ එරට විදුලි නිෂ්පාදනය සම්බන්ධව. ගිවිසුම අත්සන් කරලා වසර දෙකක් ගතවෙනකල් ඇමරිකා ආණ්ඩුවෙන් ඊට මුදල් ලබාදුන්නේ නැහැ. මේ කාලය තුළ ඇමරිකාව තම රටේ ජාතික ආරක්‍ෂාවට අදාල ගිවිසුම් 16කට නේපාලයට බලපෑම් කරලා අත්සන් කළා.

එම්.සී.සී. ගිවිසුම වෙනුවෙන් පත්කළ විද්වත් කමිටුව තම වාර්තාවෙන් කියනවා මෙය ලංකාවේ ස්වෛරීත්වයට සහ ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස හානිකර බව. ඒ වගේම ආණ්ඩුවේ මන්ත්‍රීවරු කියනවා මේ ගිවිසුමට අදාළ මූලික කෙටුම්පත් දෙකක් ගිය ආණ්ඩුවෙන් අත්සන් කරලා, ඒ නිසා එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා කියලා. නමුත් විද්වත් කමිටුව ප්‍රකාශයක් කරලා කිව්වා එහෙම අත්සන් කිරීමක් කරලා නැහැ කියලා. ඒ වගේම ආණ්ඩුවට ඕනෑම වෙලාවක පුළුවන් මේක අත්හැරලා දාන්න කියලා.

මෙම ගිවිසුම් අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍ය නැහැ. සරල බහුතරය ඇති. අනෙක් පැත්තෙන් අත්සන් නොකළ ගිවිසුමකට 2/3ක බලයක් ඕනෑ කරන්නේ කුමකටද? මේ 2/3 ඉල්ලන්නේ ජනතාව නොමග යවලා මේ මැතිවරණයෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කිරීමේ බලය ආණ්ඩුව අතට ගන්නයි.

එම්.සී.සී. ගිවිසුම ගැන දැන් රටේ ජනතාවගේ බලවත් විරෝධය මතුවෙලා තියෙනවා. ජනාධිපති දැන් තමන්ගේ ස්ථාවරය රටට පැහැදිළි කළ යුතුයි. අපි අභියෝග කරනවා පුළුවන්නම් මැතිවරණයට පෙර එහෙම කරන්න කියලා. මේ ගිවිසුම ලංකාවට අවශ්‍ය නැහැ කියලා පුළුවන්නම් ඇමරිකාවට ලිඛිතව දෙන්න කියලා. දැන් ආණ්ඩුවේ ඇමතිවරු එක එක බොරු කතා මේ ගැන කියනවා. නමුත් ඇමරිකානු තානාපතිවරිය කියනවා, ඡන්දෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කරන්න මේ ආණ්ඩුව එකඟ වුණයි කියලා. එදා ඇක්සා ගිවිසුම අත්සන් කළේ ගෝඨාභයයි, රොබට් ඕ බ්ලේක් දෙන්නයි එකතු වෙලා. එහෙම කළ ගෝඨාභය මෙම ගිවිසුම අත්සන් නොකරයි කියලා තිබෙන සහතිකය කුමක්ද? රටේ ජාතික ආරක්‍ෂාවට ඒ වගේම ස්වෛරීත්වයට හානිකර මේ ගිවිසුම වහාම නතර කරන්න කියලා ජාතික ජන බලවේගය හැටියට අපි බලකර සිටිනවා. මේ ගිවිසුම සැබෑවටම අහෝසි කරන්න නම් ජාතික ජන බලවේගයට ඒ සඳහා අවශ්‍ය බලයක් ලබාදිය යුතුයි. ඒ සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම සඳහා මෙම ඡන්දය පාවිච්චි කරන ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දැන් මේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන් ලංකාවේ පුරාවිද්‍යා වස්තූනුත් විනාශ කරන්න පටන් අරගෙන. කුරුණෑගල නගර මධ්‍යයේ තිබූ ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඩොසර් කරලා දාලා. මේ පුරා විද්‍යා පනතට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒක ඇප ලබාදිය නොහැකි වරදක්. මේක සිද්ධ වෙලා තියෙන්නේ වත්මන් අගමැති නියෝජනය කරන දිස්ත්‍රික්කයේ නගරාධිපති අතින්. මේ ගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අගුලාන පොලීසියට ගලක් ගැහුවා කියලා අර දුප්පත් කාන්තාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. බලවතුන්ට එක නීතියක්, නැති බැරි එකාට තව නීතියක්. අපි මේ ආණ්ඩුවට බලකර සිටිනවා, වහාම මේ පුරා විද්‍යා වස්තු විනාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.”
-lankatruth-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *