රටවල් 173ක ඡායාරූප ශිල්පීන් 117,542 ක් අභිබවා ලොව හොදම ඡායාරූපය ලංකාවෙන්..!

අනුජ ලවන් සෝමරත්න සිල්වා

අනුජ ලවන් සෝමරත්න සිල්වා

ලොව පුරා රටවල් 173ක, ඡායාරූප ශිල්පීන් 117 542 සමග පැවැතුනු රුසියාවේ මොස්කවු නුවර මූලික කරගෙන ලොව වැඩිම ඡායාරූප ශිල්පීන් පිරිසක් සහභාගී වන ජාත්‍යන්තර තරඟයක් වන 35 Awards Russia , ලොව බලවත් රටවල් සියල්ල අභිබවා මෙවර ජයග්‍රහනය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තරුණ ඡායාරූප ශිල්පි අනුජ ලවන් සෝමරත්න සිල්වා (Anuja Lavan Somarathne Silva) මහතාට හැකිව ඇත.

2019 වසරේ සම්මාන 7කටත්, 2018 වසරේ සම්මාන 10කටත් නිර්දේශ වී,අවසන් වටයේ (Daily Life) තරඟ අංශයේ විජයග්‍රහනයත් එනම් ලොව හොදම ඡායාරූපය ලෙස ඔහුගේ ඡායාරූප (හොමෝ සේෆියන්) තේරී පත්වී ඇති අතර ,ලොව හොදම ඡායාරූප එකතුව අතරට ඔහුගේ (හොමෝ සේෆියන්) “Homo Sapien” ඇතුලත් වී ඇත.

තවද Photo Project අංශයේ ලොව හොඳම ඡායාරූප 12 ඇතුලටත් තේරී පත්වීමට ඔහුට හැකියාව ලැබි ඇත.

ඉහත තරඟ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඡායාරූප ශිල්පීන් 10 000 පමණ සහභාගී වී ඇත.
ඔහුගේ මුහුණපොත පිටුවෙහි පල කර තිබූ මෙම තරගය සදහා ඔහු ඉදිරිපත්කල ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *