අයි.එස්.අයි.එස් පිළිබඳව විමර්ශන නතර කරන ලෙසට බලපෑම් ආවා – නාලක සිල්වා මහතා

අයි.එස්.අයි.එස්. සාමාජිකයා පිළිබඳව විමර්ශනය කිරීම නතර කරන ලෙසට පොලිස්පතිගෙන් හා බුද්ධි ලොක්කෙක් ගෙන් බලපෑම් ආවා - නාලක සිල්වා මහතා

අයි.එස්.අයි.එස්. සාමාජිකයා පිළිබඳව විමර්ශනය කිරීම නතර කරන ලෙසට පොලිස්පතිගෙන් හා බුද්ධි ලොක්කෙක් ගෙන් බලපෑම් ආවා - නාලක සිල්වා මහතා

අයි.එස්.අයි.එස්. සාමාජිකයා පිළිබඳව විමර්ශනය කිරීම නතර කරන ලෙසට පොලිස්පතිගෙන් හා බුද්ධි ලොක්කෙක් ගෙන් බලපෑම් ආවා – නාලක සිල්වා මහතා ප්‍රකාශ කරයි.

හිටපු පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියෙකු විසින් අයි.එස්.අයි.එස්. සංවිධානය වෙනුවෙන් සටන් කර නැවත පැමිණි ශ්‍රී ලාංකිකයා පිළිබඳව විමර්ශනය නොකරන ලෙස, තමාට දැනුම් දුන් බව ත්‍රස්ථවාදී විමර්ශන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් නාලක ද සිල්වා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ,

හදිසි අවස්ථාවකදී හදිසි සැලැස්මක් හා ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් එය තහවුරු වූ බවයි.

එමෙන්ම 2015 දී තමන් ත්‍රස්තවාදී විමර්ශනය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධූරයට පත්වීමෙන් පසු, හදිසි අවස්ථා තත්ත්වයක් යටතේ කටයුතු කිරීම සඳහා හදිසි සැලැස්මක් හා ප්‍රතිපත්තියක් නොතිබීම පිළිබඳව නිතරම බුද්ධි සමාලෝචන රැස්වීම්වල දී ප්‍රශ්න කළ බවද ඔහු පැවසීය.

” එහි බුද්ධි සමාලෝචන රැස්වීම් අතරතුර ආරක්ෂක ලේකම්වරයාට සහ අනෙකුත් නිළධාරීන්ට හදිසි සැලැස්මක් පිළිබඳව විවිධ මත තිබුණු බව වැටහිණි. මම රට තුළ නැවත යුද්ධයක් ආරම්භ කිරීමට යනවා යැයි ඔවුන් සිතන්නට ඇති. මෙම කාල සීමාව තුළ ආරක්ෂක ලේකම් සමඟ ගැටළුවක් ද ඇති වුණි. 2017 සැප්තැම්බර් මාසයෙන් පසුව පැවති බුද්ධි සමාලෝචන රැස්වීම්වලට මම සහභාගී නොවුණෙමි ” යනුවෙන් ඔහු පැවසීය.

බුද්ධි සමාලෝචන රැස්වීම්වලට ඔහු සම්බන්ධ නොවීමට හේතු පිළිබඳව කොමසාරිස්වරු සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළහ.

FETO සංවිධාන නායකයා ෆෙතුල්ලා ගුලන්
FETO සංවිධාන නායකයා ෆෙතුල්ලා ගුලන්

තුර්කි ත්‍රස්ත කල්ලියක් වන ෆෙටෝ (FETO) සම්බන්ධයෙන් විශේෂ බුද්ධි තොරතුරක් පිළිබඳව විමර්ශනය නොකිරීම හේතුවෙන් එවකට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න විසින් 2017 සැප්තැම්බර් 24 වන දින පැවති බුද්ධි සමාලෝචන රැස්වීමක දී තමා විවේචනය කළ බව සිල්වා මහතා පැවසුවේය.

එවැනි බුද්ධි තොරතුරක් පිළිබඳ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය හරහා තමාට කවදාවත් ලැබී නොමැති බවත්, එය ලබා නොගෙන පරීක්ෂණයක් කරන්නේ කෙසේද යන්න බවත් සාක්ෂිකරු කොමිෂන් සභාවට දන්වා සිටියේය.

” මම ඇත්තෙන්ම මෙම සිදුවීම පිළිබඳව කනස්සල්ලට පත් වුණෙමි. එම සමාලෝචන රැස්වීමෙන් පසුව වුණත් ෆෙටෝ සංවිධානය පිළිබඳ බුද්ධි තොරතුරක් ගැන SIS අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කිසිවිටෙකත් මා වෙත දැනුම් දුන්නේ නැත. මා සහභාගී වූ අවසාන බුද්ධි රැස්වීමද එයයි ” යැයි ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම නාලක ද සිල්වා මහතා පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමට ප්‍රකාශ කළේ , 2018 දී අයි.එස්.අයි.එස්.සංවිධානය වෙනුවෙන් සටන් කර ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයකු පිළිබඳව ටී.අයි.ඩී.යට විමර්ශනය නොකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසූ බවයි.

ටී.අයි.ඩී. ය ගුවන් තොටුපොළේ දී නිලාබ්දීන් රිම්සාන් නැමැත්තා රැගෙන ගොස් මූලික ප්‍රශ්න කිරීම්වලින් පසු ටී.අයි.ඩී. ය වෙත පැමිණෙන ලෙස ඉල්ලා සිටි බව සිල්වා මහතා පැවසීය.

කෙසේ නමුත්, රාජ්‍ය බුද්ධි සේවය ද ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බැවින් එම විමර්ශනය ඉදිරියට නොකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, සම්පත් කුමාර මහතා තමාගෙන් ඉල්ලා සිටි බව සිල්වා මහතා කීවේය.

” රිම්සාන්ට බාධා නොකරන ලෙස කුමාර මගෙන් ඉල්ලා සිටියා. මම පැවසුවා, රිම්සාන් ආපසු පැමිණියේ ඇයි දැයි දැන ගැනීමට ටී.අයි.ඩී.යට අවශ්‍ය නිසා ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බව. ඒ අයි.එස්.අයි.එස්. පරාජය වෙමින් සිටි කාලයයි. ඔවුන් විදේශීය සටන්කරුවන් එකළ ගෙදරට යවමින් සිටියහ. පොලිස්පතිවරයාට කතා කර විධිමත් ඉල්ලීමක් කරන ලෙස මම ඔහුට පැවසුවෙමි. ඉන්පසුව කුමාර මා හට ලිපියක් එවීය. එමෙන්ම මේ විමර්ශනය නවත්වන ලෙසට පොලිස්පතිවරයාත් මට ලිපියක් එව්වේය.

SIS අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ ආකල්පය හේතුවෙන් මේ වන විට SIS හා TID අතර සම්බන්ධතාවය පිරිහී ඇති බව සාක්ෂිකරු පැවසීය.

ටී.අයි.ඩී.යේ කිසි විටෙකත් විශේෂ ආයුධ පුහුණුවක් සහිත හදිසි කණ්ඩායමක් නොසිටි බව සිල්වා මහතා කියා සිටියේය.

” විශේෂ කාර්ය සාධක බලකාය හරහා විශේෂ ආයුධ පුහුණුවක් සමඟ ටී.අයි.ඩී.යට සම්බන්ධ 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුහුණු කිරීමට අනුමැතිය ලබා දෙන ලෙස, 2016 දී මම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ඉල්ලා සිටියා. එහිදී හිටපු පොලිස්පතිවරයා අනුමැතිය ලබා දුන් නමුත් ටී.අයි.ඩී.යට අනුයුක්ත නිළධාරීන් ආයුධ පුහුණුවක් ලබා දීම ඵලදායී නොවන බව එස්.ටී.එෆ්. එක පැවසුවා ” යැයි ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ය.”

-medialk & tamil media-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *