සිසුන්ගේ බැංකු ගිණුම්වලට අහඹු ලෙස තැන්පත් වූ කෝටි ගණනක මුදල් …

drug business with ezcash

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම් වලට රුපියල් කෝටි ගණනක මුදල් අහඹු ලෙස තැන්පත් වී ඇති බව වාර්තා වේ.මේ පිළිබඳව සිසුන්, පොලීසියට පැමිණිලි කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ට මෙලෙස මුදල් යවන බව විශ්ව විද්‍යාල සිසුන් පොලීසියට පවසා තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උපදෙස් මත, සිසුන්ගේ ගිණුම්වලට eZ Cash හරහා මුදල් යවා ඇති බවට පොලීසිය දන්වා ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය විය.

-tamilwin-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *