රාවණා රජු හා ගුවන් ආධිපත්‍ය ගැන පර්යේෂණයක් අරඹයි

10:32 රාවණා රජු හා ගුවන් ආධිපත්‍ය ගැන පර්යේෂණයක් අරඹයි

10:32 රාවණා රජු හා ගුවන් ආධිපත්‍ය ගැන පර්යේෂණයක් අරඹයි

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් “රාවණා රජු සහ ගුවන් ආධිපත්‍යයෙන් අපට අහිමි වූ උරුමය” සම්බන්ධයෙන් පර්යේෂණයක්‌ සිදුකිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එහි මුලික අඩිතාලම ලෙස රාවණා රජුගේ පුරාවෘත්තය හා සම්බන්ධ ලිපි ලේඛන, පුස්කොළ, පොත්පත් පොත් මහජනතාව සතුව තිබේ නම් ඒවා එක්රැස් කිරිමට තීන්දු කර ඇති අතර ඒ සඳහා මහජනතාවගේ සහය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් නිකුත් කර ඇති ප්‍රකාශනයක තව දුරටත් සඳහන් කර ඇත්තේ :

“ඉතිහාසගත මූලාශ්‍ර තොරතුරු ග්‍රන්ථ සහ පුස්කොළ පොත් ලබා දීමට උනන්දු වන්නන් මේ මස 31 වන දිනට පෙර 0766317110 මෙම දුරකථන අංකයට හෝ අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත ඒ සම්බන්ධයෙන් තොරතුරු එවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මේ ලෙස අප වෙත ලබා දෙන පුරා විද්‍යාත්මක ග්‍රන්ථ හා තොරතුරු සඳහා මූල්‍ය වටිනාකමක් ලබා දීමට ද කටයුතු කරන්නෙමු.”

10:32 රාවණා රජු හා ගුවන් ආධිපත්‍ය ගැන පර්යේෂණයක් අරඹයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *